තිරිඟු පිටි සඳහා තිබූ රේගු සහනය ඉවතට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  තිරිඟු පිටි සඳහා පනවා තිබූ රුපියල් තුනක් වූ රේගු සහනය ඉවත් කළ නමුත්  බදු සහනය ඉවත් කෙරුණුද පිටි මිලෙහි කිසිදු වැඩිවීමක් සිදුනොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ අද (07) සවස පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

“තිරිඟු පිටිවලට රුපියල් 3ක රේගු බද්දෙන් සහනයක් ලබාදීලා තිබුණා. අපි නැවත පැනවේවා ඒ රුපියල් 3. ඒකේ ප්‍රධානතම හේතුව අපේ සහල් සඳහා වූ ප්‍රධානතම ආදේශකය අපේ රටේ වී ගොවියා ආරක්ෂා කිරීමට විශල වගකීමක් තියෙනවා. වී ගොවීන්ගෙන් 90%ක්ම යැපුම් මට්ටමේ ගොවියෝ ඒ නිසා ඔහුන්ව ආරක්ෂා කරන්න ඕනේ. ඔවුන්ට සාධාරණ මිලක් ලබාදෙන්න ඕනේ. ඒ නිසාම තමයි අපිට සිදුවෙන්නේ සහල් සඳහා වූ ප්‍රධානතම ආදේශනයේ මිල හැම විටම යම් තැනක කළමනාකරණ කරගන්න. ඒ අවශ්‍යතාවය නිසා තමයි තිරිඟු පිට සඳහා තිබුණු රේගු බදු නිදහස රුපියල් 3 අපි ඉවත් කළේ. ඒ අනුව තිරිඟු පිටි සඳහා වූ රුපියල් 3ක ඒ බද්ද අය වෙනවා. හැබැයි එයින් තිරුඟු පිටි මිල වැඩිවෙන්න කිසිදු හේතුවක් නැහැ. මොකද මේ වෙලාවේ ඩොලරයේ අගය අඩුවීමක් සමග රුපියලේ අගය වැඩිවීමත් එක්ක තිරුඟු පිටි කියන්නේ සම්පූර්ණයෙන් පිට රටින් ගෙන්වන ආනයනිත ද්‍රව්‍යක්. ඒ නිසා ඒ රුපියලේ අගය වැඩිවීම ඩොලරයේ අගය අඩුවීම සෘජුව දැනෙන ද්‍රව්‍යයක්. ඒ නිසා ඒ වෙනසක් සමග ඇතිවන වාසිදායක තත්ත්වය නිසා තිරිඟු පිටි මිලත් මේ නිසා වැඩිවෙන්නේ කිසිදු හේතුවක් නැහැ. ඉතින් ඒ තුළ තමයි අපි කළමනාකරණ කර ගන්න බලන්නේ.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...