රටට ඇති එකම විසඳුම විකල්පය සමගි ජන බලවේගය පමණයි.

Date:

රටේ ජනතාව රට විනාශ කළ රාජපක්ෂලා ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව වෙනුවට විකල්පයක් සොයන විට රාපක්ෂලා සහ හොරු රකින ආන්ඩුවට එරෙහිව විකල්පයක් සොයන විට ඒ විකල්පය සහිත පක්ෂය ගමේ නගරයේ හා රටේ හොරකම් මැරකම් සිදු නොකරන විකල්පයක් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හැත්තෑ පස් වසරක මෙරට ප්‍රජාතන්ත්‍රීය ඉතිහාසය තුළ විපක්ෂය ඉටු කලේ ආසන මට්ටමින් සංවිධානය වී කෙසේ හෝ රාජ්‍ය බලය ලබා ගැනීම වුවත් වත්මන් විපක්ෂය  බලයක් නොමැතිව වුවත් ජනතාව වෙනුවෙන් විශාල සේවාවක ඉටු කර ඇති බවත් නිකං වේදිකාවල සිදු කරන කයිවරු කතාවලින් රට ගොඩ ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (7) “ජයග්‍රහණයේ චාරිකාව”මැයෙන් මොනරාගල ආසන බලමණ්ඩලයේ පැවැති ජන හමුවක් අමතමිනි

රටේ විකල්ප පක්ෂ යැයි කියා ගන්නා පිරිස් බලය නොමැතිව කිසිදු දෙයක් ජනතාව වෙනුවෙන් ඉටු කර නොමැති බවත් එබැවින් රටේ ජනතාව තීන්දු කළ යුතු වන්නේ බලය නොමැතිව වුව ජනතාවට සේවයක් සිදු කළ හැකි පිරිසට රට ගොඩ ගැනීමට අවස්තාව ලබා දීම බවත්,පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගය බලය නොමැති වූ කළ සේවය පිළිබඳව ද සිහිපත් කළේය. බලයක් නොමැතිව මෙවැනි සේවාවක් ඉටු කරන්නේ නම් බලය ලැබුණු පසු කෙතරම් සේවාවක ඉටු කළ හැකි ද කියා ජනතාව බුද්ධියෙන් සිතා බැලිය යුතු බවත් විපක්ෂ නායකතුමා අවධාරණය කළේය.


මේ වන විට කඩා වැටී ඇති රට බංකොලොත් වී ඇති රට විවිධ දේවලින් බෙදී ඇති රට ගොඩ ගත හැක්කේ සමගි ජන බලවේගයේ කණ්ඩායමට බවත් ඒ හැරුණුකොට වෙනත් විකල්පයක් නැති බවත් විපක්ෂ නායකතුමා තවදුරටත් පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...