ලංකා ලුණු සංස්ථාවේ සභාපති ධුරය හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට !

0
2706

නිශාන්ත සඳබරණ මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ලංකා ලුණු සංස්ථාවේ සභාපති ධුරය හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාට ලබාදීමට නියමිත බව වාර්තා වේ.

එරාජ් ප්‍රනාන්දු රට තුළ කුප්‍රකට වී ඇත්තේ “සෙල්ලම් පිස්තෝල නගරාධිපති” වශයෙනි. ඒ, 2014 වසරේදී හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපල නිරීක්ෂණය කිරීමට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමට අදාළව ය.

ඔහු මෑතකදී ලංකා ලුණු සංස්ථාවේ සභාපතිවරයා සමග දැවැන්ත ගැටුමක් ඇතිකරගත් අතර ඊට දේශපාලන ප්‍රබලයකුගේ මැදිහත්වීම මත අවසානයේ ලුණු සංස්ථාවේ සභාපතිවරයාව තනතුරෙන් ඉවත් කෙරිණි.

මේ අතර පසුගිය දිනක එරාජ් ප්‍රනාන්දු මහතා හම්බන්තොට නියෝජ්‍ය නගරාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ තමන් පෙබරවාරි 10 වනදා නගරාධිපති තනතුරින් ඉවත් වන බවත් එම නගරාධිපති තනතුර භාරගැනීම සඳහා සූදානම් වන ලෙසත් ය.

“චමල් ඇමතිතුමාගෙන් බේරිල්ලක් නෑ ලුණු සංස්ථාව බාරගන්න කියලා. මම බාරගෙන වැඩේ ගොඩදාලා දෙනවා” යැයි ඔහු නියෝජ්‍ය නගරාධිපතිවරයාට ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

සබැඳි පුවත් –

මිල්කෝ සභාපතිට වෙච්ච දේම ලුණු සංස්ථාවේ සභාපතිටත් !

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here