*
Friday, April 26, 2024
spot_img

Latest Posts

බිත්තර ප්‍රහාරවලින් පේන්නේ ආණ්ඩුවේ පිරිහීමේ තරමයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

පසුගියදා ජනතා විමුක්ති පෙරමුණට බිත්තර ප්‍රහාර එල්ල කිරීමත්, ජේ.ආර් ජයවර්ධන මහතාගේ මුණුපුරාට බිත්තර ප්‍රහාර එල්ල කිරීමත් යනාදී සියල්ල තුළින් පැහැදිලි වන්නේ ආණ්ඩුවේ සහ සමාජයේ මෑත මෑතකාලීන පිරිහීමේ තරම යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ප්‍රතිපත්තිවලින් කඩා වැටී, වැඩ පිළිවෙලවල් වලින් කඩාවැටී, සාරධර්මවලින් කඩාවැටී ඇති රටකට පෙරට යෑමට නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා, බිත්තර ප්‍රහාර වැනි නිහීන වැඩවලින් පෙනෙන්නේ පිරිහී ගිය ආණ්ඩුවක සැබෑව යැයි ද පෙන්වා දුන්නේය.

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, “සක්වල” 11 වැනි අදියර ඊයේ (01) ආරම්භ විය.

“දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක” සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙන් රුපියල් අටලක්ෂ පනස්දහසක් (රු.850,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මැදවච්චිය, අගුනොච්චිය මහා විද්‍යාලයට පරිත්‍යාග කිරීම ඊයේ (01) සිදුකෙරිණි.

ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා එක වැඩපිළිවෙළක් ලෙස තොරතුරු තාක්ෂණ විප්ලවය දියත් කිරීම බව පැවසූ විපක්ෂ නායකවරයා, තමන් බලයක් නැතුව පවා එම විප්ලවය සිදු කරන බව කීය. ආර්ථික වර්ධනය වේගවත් කරන ගාමක බලවේගය වශයෙන් තොරතුරු තාක්ෂණ විප්ලවය, ඩිජිටල් ආර්ථික විප්ලවය ලෙස හැඳින්වීමට හැකි බව කී විපක්ෂ නායකවරයා, ලෝකයේ බොහෝ රටවල් වල මේ විප්ලවය ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළේය. ඇමරිකානු ඩොලර් බිලියනයේ ව්‍යාපාර නොහොත් කඟවේනන් ව්‍යාපාර ලෝකයේ බොහෝ වේගයෙන් ඉදිරියට ගොස් ඇති බව කී හෙතෙම මේවා නිර්මාණය කරනවිට අපේ රටේ විදේශ විනිමය ප්‍රශ්නයක්, හිගයක් නොපැමිණෙන බවත් ප්‍රකාශ කළේය.

සක්වල වැනි වැඩසටහන් පිලිබදව ඇතැමුන් කුහක ලෙස උපහාසයෙන් කතා කරන බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඒවා පිලිබදව තමන් මායිම් නොකරන බවත්, මේ රටේ දරු පරපුර වෙනුවෙන් සක්වල වැඩසටහන රටපුරා රැගෙන යන බවත් අවධාරණය කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan