ඇමති අලි සබ්රිගේ කතාව නිසා ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් – GMOA

Date:

ආර්ථික මර්මස්ථාන හා සම්බන්ධ වෘත්තීය සමිතිවලට සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වැඩවර්ජන කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහනම් කළයුතු බවට අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා කළ ප්‍රකාශය නිසා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව අපකීර්තියට පත්විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.

“අපි වැඩ කරන්න ඕනෙ ලෝකයේ පිළිගත් ආචාරධර්ම, නීති, රෙගුලාසි වලට අනුකූලව. මේ රටේ අධිකරණ අමාත්‍යවරයා මීට වඩා වගකීමෙන් කටයුතු කරයි කියලා හිතනවා. මම හිතන්නෙ මේ වෙනකොටත් ඔය ජිනීවා සමුළුවට වගේ ආයතනවලට, ජිනීවා ආයතනවලට, මානව හිමිකම් පිළිබඳව කටයුතු කරන ආයතනවලට මේ පිළිබඳව වාර්තා වෙලා තියෙනවා. ඒ හරහා අපකීර්තියට පත්වෙන්නේ මේ අපේ රට”

වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...

STARLINK දැන් ශ්‍රී ලංකාවටත්!

සටහන – පුලී ජූලි 02, කොළඹ (LNW): ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන්...