අපේ ලොකු උන්නැහේ මඟුල් පෝරුවේදිම දෑවැද්ද ගැනපු මිනිහානෙ – අගමැති කියපු කතාව

Date:

ටික දිනකට පෙර ලංකා ලුණු සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත් කෙරුණු නිශාන්ත සඳබරණ මහතා පසුගිය දිනක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව හමුවීමට ගොස් තිබිණි.

ලුණු සංස්ථාවෙන් ඉවත් කිරීමෙන් අනතුරුව තමන්ට ලැබුණු චිත්‍රපට සංස්ථා සභාපති තනතුරත් ප්‍රතික්ෂේප කර සිටි සඳබරණ මහතා අගමැතිවරයාව හමුවී තිබුණේ තමන්ට සිදුවුණු අසාධාරණය ගැන කීමට ය.

කතාව අසා සිටි අගමැතිවරයා දී තිබුණේ මෙවන් පිළිතුරකි.

“සඳේ … මට කරන්න දෙයක් නෑ. මේවා පවුල් ප්‍රශ්න. ඔය අපේ ලොකු උන්නැහේ කියන්නෙ මඟුල් පෝරුව උඩ ඉන්න ගමන්ම දෑවැද්ද ගණන් කරපු මිනිහානෙ. ආයෙ මොන කතාද ? ඔය ප්‍රශ්නෙට මං අතදාන්න යන්නෙ නෑ. වෙන ඕනෙ දෙයක් කරමු. ඔයාට චිත්‍රපටි සංස්ථාව හරියන්නෙ නැත්නම් මං වෙන එකක් හොයලා දෙන්නම්”

නිශාන්ත සඳබරණ යනු මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල උසාවියේ නීතීඥයෙකු වශයෙන් කටයුතු කළ සමයේ ඔහුට සිටි අවසාන කනිෂ්ඨ නීතීඥවරයා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...