රංජන්ට පූර්ණ ජනාධිපති සමාවක් දෙන්නැයි ජනපතිට තවත් ඉල්ලීමක් (VIDEO)

0
923

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී දැනට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව නිදහස් කරන ලෙස වෘත්තීය සමිති එකමුතුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම වෘත්තීය සමිති නායකයින් පැවසුවේ පූර්ණ ජනාධිපති සමාවක් යටතේ රංජන් රාමනායක මහතාව එළඹෙන 4 වනදා නිදහස් කරනු ඇතැයි තමන් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

සමගි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here