ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාවට  පොදු ජන පෙරමුණ කැමතියි  – සාගර කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකත්වයෙන් සහ එහි සභාපති ධුරයෙන් ජනක රත්නායක මහතා ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරි පත් වී ඇති යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපය කිසිසේත්ම පක්ෂයක් ලෙස අනුමත නොකරන බවත්,  මේ හේතුවෙන් ජනක රත්නායක මහතා ඒම ධුරයෙන් ඉවත් කිරීමට පුර්ණ සහය ලබා දෙන බවත් , පොදු ජන පෙරමුණේ  ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

මේ අතර ජනක රත්නායක මහතා ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවට විරුද්ධව සිය ජන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගය පවසන අතර , විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පෙනී සිටි ජනක රත්නායක වෙනුවෙන් ප්‍රධාන විපක්ෂය ලෙස පෙනි සිටින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකත්වයෙන් එහි සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට අදාල යෝජනාව ලබන 24 වැනි දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති අතර එදින පස්වරුවේ ඊට අදාල ජන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...