*
Friday, April 26, 2024
spot_img

Latest Posts

මහින්ද අගමැති කිරීම දේශපාලන ප්‍රතිසංස්කරණයක්ද?

රට ගොඩනගන්න නම් විදිමත් ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක අවශ්‍යතාවය ගැන රටේ රාළ දැන් කාලයක් තිස්සේ දිගටම කතා කරනවා.ඇත්තටම ඒක යුගයේ අවශ්‍යතාවයක්.ඒ වගේම පක්ෂ, විපක්ෂ කාගේත් වගකීමක්. කොහොම උනත් එහෙම විදිමත් ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණයකට පදනම් වැටෙන එකඟතා වැඩපිලිවෙලක් නං පේනතෙක්මානෙක නෑ.ඒ වෙනුවට තවමත් එන්නේ ප්ලැස්තර විසදුම් විතරයි.බලය ගන්නකං රට හදන්න දායක වෙන්නෙ නෑ කියන කුහක දේශපාලන චින්තනයක ඉන්න විපක්ෂක් තියන රටක යහපත් ප්‍රතිසංස්කරණ කියන්නේ හීනයක් විතරයි.

බලය ගන්න උනත් අවශ්‍ය විස්වාසය හදාගන්න ජනතාවත් එක්ක බද්ධ වෙලා කරන දේශපාලනයක් තියෙන්න ඕනි. එහෙම දේශපාලන පක්ෂයක් තමයි ජනතාවගෙත් ඊළග තේරීම වෙන්නේ.විපක්ෂ නායක සජිත්ට එහෙම විඥානයක් නෑ.සජිත්ට අනුව සියල්ල සිද්ධ වෙන්න සජිත්ගේ ආණ්ඩුවක් එනකං මේ රටේ ජනතාව බලා ඉන්න ඕනි. මෑතකාලින දේශපාලනයේ ජනතාවාදී සමාජ ඉවක් තිබුණ නායකයෙක් විදිහට ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ හදුන්වන්න පුලුවන්.සෝමවංශ ජවිපෙ නායකයා විදිහට රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවගන්න ලොකු උත්සාහයක් ගත්තා.හැබැයි සෝමවංශගෙන් පස්සේ ජවිපෙ මූලධර්මවාදී නායකයන් ඒ ජනතාවාදී ස්ථාවරයන්ගෙන් ඈත් වෙලා දැන් විවේචනවලට විතරක් සීමාවෙලා. පොහොට්ටුව අනූගමනය කරන්නෙත් ඊටත් වැඩිය කුහක ප්‍රතිපත්තියක්.පොහොට්ටුවේ ස්ථාවරය වෙලා තියෙන්නේ රනිල් වැඩ කරන්න ඕනි පොහොට්ටුව කියන විදිහට කියලයි.

එහෙමත් නැත්තං රාජපක්ෂලා කියන විදිහට කියලයි.මෙච්චර ප්‍රශ්න තියන රටේ තවමත් රාජපක්ෂලා හිතන්නේ මහින්ද අගමැති කරන්නේ කොහොමද කියලයි.මේ රටට අත්‍යවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණය මහින්ද අගමැති කරන එකද?ඇත්තටම මහින්දත් දැන් නෝන්ඩි වෙලා පීචංම වුන දේශපාලනඥයෙක් ගානට වැටිලා. මහින්දට කොන්දක් තියනවා නම් කියන්න ඕනි මම අගමැතිකම ආය ගත්තොත් ගන්නේ ඡනවරමකින් මිසක් හොර පාරෙන් ඇවිත් නෙවෙයි කියලා.මහින්දලා, ශිරන්තිලා පණ යනකං වැඩේ කරගන්න දුවලා බැරි වෙනකොට එක්කෝ නාමල් ලව්ව,එහෙමත් නැත්තං සාගර ලව්ව ප්‍රකාශයක් කරවනවා.මහින්දගේ අගමැතිකමට එන්න කිසිම බලාපොරොත්තුවක් නෑ කියලා. එක්කෝ මහින්දට තියෙන්නේ ශිරන්ති ලව්ව දිනේෂ්ට කණුකුණු ගාන්නේ නැතිව මට අගමැතිකම ඕනි කියලා රනිල්ට කෙලින්ම කියන්න.එතකොට රනිල්ට පුළුවන් මහින්දව අගමැති කරන්න.හැබැයි මහින්ද අගමැතිකමේ දිවුරුම් දීලා පැය 24 ක් යන්න ඉස්සෙල්ලා මේ රටේ මිනිස්සු පාරට එනවා.

ඇවිත් අගමැති මහින්දයි,මහින්ද අගමැති කරපු රනිලුයි දෙන්නම එලවනවා.ඒ තරම් අකමැත්තක් රාජපක්ෂලාට මේ රටේ තියනවා. රටේ රාළ නං මහින්දට කියන්නේ දැනටත් මේ රටේ ජනතාවගේ බඳු මුදලින් නඩත්තු වෙවී ඉන්න ඔහේ තවදුරටත් මේ රටට කොඩිවිනයක් නොවී පැත්කට වෙලා ඉන්න කියලයි.කොහොම උනත් පහුගිය සතිය දෙකේ රනිල්ගේ ක්‍රියා කලාපය දිහා බලද්දී රනිල් හොඳට හෝ නරකට යම් ප්‍රතිසංස්කරණමය ක්‍රියාවලියකට අත ගහන්න හදන බව පේනවා.ඒ වෙනුවෙන් පෙර සුදානම් වෙන බවත් දැනෙනවා. ඇත්තටම ඒ ක්‍රියාවලියට විපක්ෂයත් මැදිහත්වීමක් කළොත් ඒවා රටට වාසිදායක ප්‍රතිසංස්කරණ බවට යම්තාක් දුරකට හරි පත් කරගන්න පුළුවන් වෙයි.රටේ රාළට හිතෙන්නේ රනිල් නව ඉඩම් ප්‍රතිසංස්කරණයකට ලෑස්ති වෙනවා කියලයි.ඒ කියන්නේ රටේ දැනට තියන ඉඩම් ප්‍රතිපත්තියට රනිල් ෂොට් එක දෙන්නයි හදන්නේ.ඇත්තටම අපේ රටේ තියන ඉඩම් ප්‍රතිපත්තියත් වැඩකට ඇති එකක් නෙවෙයි.ඒක වෙනස් වෙන්න ඕනි.හැබැයි ඒ වෙනසින් ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු වෙන්න ඕනි.

ඒක සිංහලද,දෙමළද,මුස්ලිම්ද නැත්තං බර්ගර්, මැලේද කියලා අපට ප්‍රශ්නයක් නෑ.ශ්‍රී ලාංකික ජනතාවගේ ඉඩම් අයිතිය රැකෙන්නයි ඕනි.දැනට තියන ඉඩම් ප්‍රතිපත්තියේ හැටියට තියන එකාට ඕනි දෙයක් කරගන්න පුළුවන්.නැති බැරි එකාට මොකුත්ම නෑ.අහිසංක මිනිස්සුන්ට තියෙන්නේ ස්වර්ණ භූමි,ජය භූමි සහ බලපත්‍ර විදිහට හම්බ උන ඉඩම්.ජනගහනයෙන් බහුතරයකට තියෙන්නේ එහෙම. ස්වර්ණ භූමි ඔප්පුවක් තියන කෙනෙකුට තමන්ගේ දරුවන්ටවත් ඉඩම බෙදලා දෙන්න බෑ.ඒ බලය තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්ට. ගොවි ජනපදවලට ගැටගහගත්ත ජනතාවගෙන් බහුතරයකට තියෙන්නේ ස්වර්ණ භූමි ඔප්පු. මහවැලි කලාප බවට පත්වෙච්චි පුද්ගලික ඉඩම් පවා මහවැලියට පවරගෙන ඒ ඉඩම්වලට ස්වර්ණ භූමි ඔප්පු දීලා තියනවා.එතකොට ජනතාවට අයිති ඉඩම් පවා මහවැලියට පවරගෙන ආපහු බෙදලයි තියෙන්නේ.මහවැලි කලාප පිහිටවන්න ඉස්සෙල්ලා ඒ මිනිස්සු ඒ ඉඩමවල පදිංචි වෙලා හිටියා.

එතනදී තමන් හිටපු ඉඩම තමන්ට හම්බ උනා තමයි.හැබැයි මහවැලි නීතියට ඒක යටත් උනා. මඩින් අක්කර දෙකයි,ගොඩින් අක්කර භාගයයි දුන්නා.ගොඩ අක්කර භාගය හම්බ උනේ ස්වර්ණ භූමි ඔප්පුවක් හැටියට.ස්වර්ණ භූමි ඔප්පුව පවුලේ සීමාවෙන් පිට යන්න බෑ.විකුණන්න බෑ.හැබැයි අතයට කරන ගනුදෙනුවලින් මේ ඔප්පු පවරා ගැනීම් දිගටම වෙනවා. නිළධාරීන් එක්ක එකතුවෙලා බොරු ඥාතීත්වයක් පෙන්නලා පවර ගන්නවා.ඇත්තටම එතන තියන්නේ වැඩවසම් ඉඩම් ප්‍රතිපත්තියක්.සමහර පැතිවල අක්කර දෙක තුන අල්ලාගෙන හේන් කොටාගෙන ඒ ඉඩම මත පවුල නඩත්තු කරන අය ඉන්නවා. එයාලට ඒ ඉඩමට තියෙන්නේ බලපත්‍රයක් විතරයි.පිටින් යන ව්‍යාපාරිකයෝ කරන්නේ මේ වගේ ගොවියෝ එකතු කරලා ඉඩම් අක්කර පනහක් හැටක් කොටු කරලා,අලි වැට ගහලා ඒවායේ ව්‍යාපාරික බෝග වවනවා.අර බලපත්‍ර තියන ඉඩම අයිතිකාරයෝ තමන්ගේ ඉඩමේ කලීකාරයෙක් බවට පත්කරනවා.

ඒකයි රටේ රාළ කියන්නේ අපේ රටේ තියන ඉඩම් ප්‍රතිපත්තිය වැඩවසම් කියලා.ඉඩමට ගැටගහපු ප්‍රවේණි දාසයෝ හැදෙනවා වගේම ඒ ඉඩම් සියල්ල ව්‍යාපාරික ප්‍රාග්ධනය විසින් අත්පත් කර ගන්නවා.ඒක වලක්වන්න නීතියක් නෑ.ප්‍රතිපත්තියක් නෑ.තියන නීතියට යටින් ගිහින් අසරණ ජනතාවගේ ඉඩම මංකොල්ල කනවා.ඇත්තටම මෙතන්ට විනිවිදභාවයක් සහිත නීතියක් ඕනි.දැන් ඔයාලටත් පැහැදිලි ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් අපට අත්‍යවශ්‍යයි කියලා.1972 ආව ඉඩම් ප්‍රතිසංස්කරණය වගේම නැවත කියවීමක් අවශ්‍යයි.මොකද ඉඩම් අඟලක්වත් අයිති නැති ජනතාවක් රටේ ඉන්නවා.මේ යන විදිහට අලුත් පරපුරට සහ අනාගත පරපුරට ඉඩම් අයිතියක් තහවුරු කරන්න බෑ.තමන්ට තියන ඉඩම බැංකුවට තියලා ණයක් ගන්න තරමටවත් ඉඩමේ අයිතිය නිරවුල් නෑ.රටේ මූල්‍ය ප්‍රතිපත්තියට ගැලපෙන ඉඩම් ප්‍රතිපත්තියක් නෑ.රනිල් දැන් මේකට අත තියන්නයි හදන්නේ.රනිල් හදන්නේ ප්‍රාග්ධන වෙළඳපොලට ගැලපෙන විදිහට ඉඩම් ප්‍රතිපත්තියක් හදන්න වෙන්න ඕනි.

දැන් විපක්ෂය ඉන්නේ මේ කිසිදේකට මැදිහත් නොවී රනිල්ට ඒක කරන්න ඉඩදීලා ඊට පස්සේ ඒකට හූ කියන්න සහ ගල් ගහන්න. ඇත්තටම විපක්ෂයේ කාර්ය භාරය ඒකද?මේවා සම්බන්ධ සංවාදයක් ගොඩනගලා විදිමත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් රටට දිනාදීම නෙවෙයිද විපක්ෂයේ වගකීම?තවත් උදාහරණයක් ගත්තොත් අපේ ආනයන අපනයන ප්‍රතිපත්තියත් විදිමත් ප්‍රතිසංස්කරණයකට ලක්වෙන්න ඕනි.ඒකේ සිද්ධ වෙන දුෂණ වංචාව අති මහත්.ඒවට සෙට් වෙලා ඉන්න නිළධාරීන් සති අන්ත නිවාඩුව ගත කරන්න පවා පිටරට යනවා.ගොඩක් අය දැනට පිට රටවල ගෙවල්,දොරවල් හදලා පදිංචිය වෙලා.මෙහේ තියන දේපල විකුණලා එයාලට යන්න ඕනි ගමනාන්ත හදාගෙන ඉවරයි. ඇත්තටම හොරු ඇල්ලන එක කරන්න ඕනි වගේම ඊට ඉස්සෙල්ලා කරන්න ඕනි හොරකම් කරන්න තියන ඉඩ අහුරණ එකයි.මොකද දැන් ගොඩක් හොරු මේ රට දාලා ගිහිල්ලා වෙන රටවල පුරවැසිභාවයත් අරන් ඉවරයි.දැන් එයාලට මෙහේ නීතියෙන් කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නෑ.

රටේ රාළ ඔය කිව්වේ ක්ෂේත්‍ර දෙකක් ගැන විතරයි.අද අපේ රටේ හැම ක්ෂේත්‍රයකම තත්වය ඕකයි. ඒක නිසා අපේ රටේ සමාජ,ආර්ථික, දේශපාලන දේහයට විදිමත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය වෙලා තියනවා.ඒ ක්‍රියාවලිය විධිමත් කරගැනීම පක්ෂ විපක්ෂ කාගෙත් වගකීමයි.ඒක හරියට කරගෙන මොන දේශපාලනයක් කලත් අපිට කමක් නෑ.මොකද මෙහෙම ගියොත් මොන දේශපාලනයක්වත් කරන්න රටක් නං ඉතිරි වෙන්නේ නෑ.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan