*
Sunday, May 11, 2025
spot_img

Latest Posts

පාර්ලිමේන්තු ඡන්දයකින් PUCSL සභාපති ඉවත් කරවීම නරකයි

විනිවිද: ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති වරයා පාර්ලිමේන්න්තුවේ බහුතර ඡන්දයෙන් ඉවත් කරනු ලැබුවහොත් එය එම කොමිෂන් සභාවේ ස්වාධීනත්වය කෙරෙහි පමණක් නොව රට තුළ පැවතිය යුතු ජනතා පරමාධිපත්‍යය කෙරෙහි පවා අහිතකර ලෙස බලපානු ඇතැයි එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඔහු පවසනුයේ එසේ වුවහොත් ඉන්පසු ඒ වෙනුවට සභාපති වරයා සහ සාමාජිකයන් පත් කිරීමේ බලය විෂය භාර අමාත්‍ය වරයා වෙත පැවරෙන විදුලි බල කොමිසමක් නිර්මාණය විය හැකි බව ය.

මේ අතර ජනක රත්නායක මහතා එම කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමේ යෝජනාවට සහය නොදීමට සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීන් අතරේ මේ සම්බන්ධ දෙයාකාරයක මත පැන නැඟී ඇති මුත් සභාපති වරයා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් ඉවත් කිරීම අනිවාර්ය වශයෙන් කළ යුතු බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහි මන්ත්‍රී වරුන්ට තරයේ අවධාරණය කොට ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනක රත්නායක මහතා එම කොමිෂන් සභාවෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳව විවාදය සහ ඡන්ද විමසීම ලබන 24 වැනිදා පැවැත්වීමට නියමිතය.

මූලාශ්‍රය: විනිවිද

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan