පෙත්සම්කරුවන්ට ලේඛන කිහිපයක් නොදුන් නිසා රගර් නඩුව 30 දා ට කල් යයි

Date:

රගර් පරිපාලනය,ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අභිමතානුසාරීව විසුරුවා,ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීම අත් හිටුවන ලෙස රිට් ආඥාවක් ඉල්ලා හිටපු රගර් පරිපාලනය විසින් ගොනු කරන ලද අංක 204/2023 නඩුව, වගඋත්තරකරුවන් විසින් ගොනු කරන ලද විරෝධතා සමඟින් ගොනු කරන ලද ලේඛන කිහිපයක් පෙත්සම්කරුවන් වෙත ලබා නොදුන් බව පැහැදිළි වීම නිසා මැයි මස 30 වන දින නැවත කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කළේය.


හදිසි පදනමක් මත අධිකරණය විසින් එම දිනය ලබා දෙන ලද්දේ, දේශපාලන මැදිහත්වීම් මත ලෝක රග්බි සංගමය ශ්‍රී ලංකා රග්බි අත්හිටුවා ඇති බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි උගත් ජනාධිපති නීතීඥවරයා අධිකරණයේ අවධානයට යොමු කළ බැවින්ය.
අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ නිලධාරීන් නියෝජනය කරමින් අත්රේක සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා සහභාගි විය.අතුරු මණ්ඩලය (රග්බි) නියෝජනය කළේ ජනාධිපති නීතිඥ උදිත එගලහේවා මහතාය.


ශ්‍රී ලංකා රග්බි සංගමය වෙනුවෙන්, පහත දැක්වෙන  නීතිඥ කණ්ඩායම නියෝජනය කරන ලදී.ජනාධිපති නීතිඥ ආචාර්ය ෆයිස් මුස්තාපා,නීතිඥ කීර්ති තිලකරත්න, ශ්‍රී ලංකා රග්බි නීති උපදේශක නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද පෙනී සිටිය අතර ෆයිසර් මුස්තාෆා බස්නාහිර රග්බි සංගමය වෙනුවෙන් ද පෙනී සිටියේය.

සටහන – නිශ්මං රණසිංහ


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...

මිලියන 202කට අධික කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:රුපියල් මිලියන 202 කට අධික වටිනාකමකින් යුත් කේරළ...

හරක් කටාගේ නඩුවක් විභාගයට දින!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : නදුන් චින්තක...

කඳානේ වෙඩිතැබීම : හිටපු ඇමති මංගලගේ පුද්ගලික ලේකම්ට තුවාල. මිතුරා මරුට !

අද (03) උදෑසන කඳාන පොදු වෙළඳපොල අසලදී සිදුවූ වෙඩිතැබීමෙන්...