*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

ක්‍රීඩිකාවන් පන්දුව ඔසවා ඇත-බලධාරීන් බාධක මඟ හැර පහර දෙන්න

මධ්‍යම ආසියානු වොලිබොල් කාන්තා තරගාවලියේ මුල් කණ්ඩායම් හතරට ඒමට ශ්‍රී ලංකාවට නොහැකි විය.ඒ සඳහා තිබුණ අවස්ථාව සුළු සුළු අතපසුවීම් ඇතුළු දුබලතා විසින් වැළකුව ද,ශ්‍රී ලංකාව තරගාවලියේ දැක් වූ දස්කම් පැහැදිළි කළේ එම හැකියාව තිබුණ බව සහ එම අවස්ථාව මඟ හැරුණු බවය.ඒවා කණ්ඩායම මතම පැටවිය නොහැකි වරදවල්ය.දීර්ඝ කාලයක් තිස්සේ කාන්තා වොලිබෝල් දෙස අසුබවාදීව බලා කරන ලද නොසළකා හැසිරීම් ද ඊට හේතු සේ ගත යුතුය.

දකුණු ආසියානු තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම නේපාලය ඉදිරියේ ලද ඓතිහාසික පරාජය මේ කඩා වැටීමේ ආරම්භය විය.එම පරාජයට හේතුව සෙවීම පසෙක ලා කාන්තා වොලිබෝල් වැඩක් නැහැ වගෙ චිත්‍රයකින් සියලු බලධාරීන් කටයුතු කරන්නට විම නිසයි.
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් නම් එය වොලිබෝල් බලධාරීත්වය මත පමණක් පටවන්නේ නැතුව සමස්ත ක්‍රීඩාව මෙහෙයවීමේදී ද ජාතික ක්‍රීඩාවට දියුණු කිරීම එක් ප්‍රධාන අංගයක් කර ගත යුතුයි.ඒ අනුව නේපාලයට පරාජය වීම නොවිය යුතුව තිබූ සිඳුවීමක් සේ ගෙන ඊට හේතු විමසා බැලීම ජාතික වගකීමක් සේ තේරුම් ගැනීමෙන් නොනැවතී වැටුණු තැනින් ජාතික ක්‍රීඩාව නැගිටුවීමටත් වහා වහා අවස්ථාවන් සම්පාදනය කළ යුතුයි.නමුත් සිඳු වුණේ මහේල ජයවර්ධන වැන්නන් ඉහළ කාර්ය සාධන ප්‍රතිලාභ හිමිවන ක්‍රීඩාවක් හැටියටවත් කාන්තා වොලිබෝල් නොසළකා හැරීමයි.

ඒ අනුව ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම ජාත්‍යන්තර අත්දැකීම්වලින් දුරස්ව ගිය අතර ඔවුන් සංචාරයක් සඳහා එකතු වූයේ වසර දෙකකට පසුවයි.ඒ සඳහා කණ්ඩායම ගොඩ නැඟීමේදී මේ වන විට පාසල් මට්ටමෙන් ඉදිරියෙන් සිටින තරුණ ක්‍රීඩිකාවන් ජාතක සංචියේ පුහුණුවීම්වලට නො’එවීමට ද බොහෝ පාසල් පුහුණුකරුවන් කටයුතු කළ අතර ඒ අනුව දක්ෂතා සහ ජවසම්පන්න පිරිසකගේ අඩුවද කණ්ඩායමට තිබිණ.සමහර විට කුමන හේතුවක් සඳහා දීර්ඝ කාලයක් ජාතික කීඩාව වුව ද, ක්‍රීඩා අමාත්‍යංශය පවා ප්‍රධාන කොට නොසළකන කාන්තා වොලිබෝල් ක්‍රීඩාව සඳහා තම දියණිවරු මහන්සි කිරීමට දෙමව්පියන් දක්වන අකමැත්ත ද මේ සහභාගි නොවීම් පසුපස තියෙන්නට පුළුවන.

එවැනි පසුබිමක චාල්ස් තිලකරත්නට මාසයක පමණ කාලයක් දී ඔහුගේ සහයට චන්දිමා අකරවිට සහ තුෂාර පෙරේරාගේ ද සහය ලබා ගෙන පුහුණුවීම් කරන ලද කණ්ඩායමක් මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියට යැවීමේ අරමුණ හැඳින්විය හැක්කේ කාන්තා වොලිබෝල් ක්‍රීඩාව පරික්ෂාවකට ලක් කිරීම හැටියටය.
එම පරික්ෂාවෙන් මේ මොහොත වන විට සමස්ත කණ්ඩායමම තමන්ට ලැබුණ අභියෝගයන් සාර්ථකව නිමා කරගෙන ඇත.ජයග්‍රහණ ප්‍රමාණාත්මකව කිරා මැන බලන්නට හැකි වුව,මේ කණ්ඩායම පරාජය නොවුණ බව අපේ විශ්වාසය ය.ඔවුන් මෑත ඉතිහාසයේ අවාසනාවන්ත තිත්ත සහගත පරාජයන්ගේ මාවතෙන් කාන්තා වොලිබෝල් ක්‍රීඩාව යම් ගෞරවණීය තැනකට ඔසවා තබන්නට සමත් වී ඇත.ඇත්ත එයය.

එසේම කණ්ඩායම්වල දුර්වලතාවයට සාපේක්ෂව නොව තරගයෙන් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරපු ආකාරය පිළිබඳව සිතද්දී පෞද්ගලිකව සෑම ක්‍රීඩිකාවකගෙන්ම පාහේ කණ්ඩායමට ලැබුණ දායකත්වයේ වටිනාකම ඉහළ ගිය බව පිළිගත යුතුය.වාසනා,කවීශා,ඉරේෂා,අයේෂා,අප්සරා සහ කාංචනා පමණක් නොව ප්‍රීතිකා,තිලක්ෂණා වැනි විශාල දුර ගමණක් ශ්‍රී ලංකා වොලිබෝල් සමඟ රැදී සිටිය හැකි තරුණ ක්‍රීඩිකාවන් ද තරගය නිමා කරේ තරගයට පිවිසි මොහොතට වඩා තමන්ගේ හැකියාවන් සහ ක්‍රීඩා විලාශයේත්,තරග මානසිකත්වය සමඟ කටයුතු කිරීමේත් සෑහෙන දුරක් ඉදිරියට ගොස් ය.ඔවුන් පස්වන තැන දිනා ගැනීම සඳහා ලකුණු 25 – 11 ක්,25 – 20 සහ 25-14 ක් ලෙස තරගයේ වට තුනම ජයගත්තේ කිර්ගිස්තානය පරාජය පමණක් පරාජය කරමින් නොවේය.ජාතික මට්ටමේ බලධාරීන්ගේ සිත් තුළ තිබුණ කාන්තා වොලිබෝල් ක්‍රීඩිකාවන් සම්බන්ධ දුර්මතය ද පරාජය කරමින්ය.ක්‍රීඩිකාවන්ට වඩා පාලනය විසින් කාන්තා වොලිබෝලය නොසළකා හැරීමේ තීරණය දුර්වල බව පරාජය කරමින්ය.

වොලිබෝල් සභාපති කාංචන ජයරත්නයට දැන් අලුත් ඉලක්කයක් ලබා ගැනීමට හැකියාව ඇත.එක මේ සංචිතය තවත් තරුණ ක්‍රිඩිකාවන්ගේ දායකත්වයද ලබා දෙමින් දිගට පවත්වාගෙන යාමය.ඒ සදහා මේ තරග සියල්ල වොලිබෝල් ප්‍රවීනයන් ද සමඟ ක්‍රීඩා අමාත්‍යවරයාද හැකි පමණ දායක කරගෙන නැරඹිය යුතුය.ඉනික්බිති අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර රටට ක්‍රීඩා කරන්නට ක්‍රීඩිකාවන් නො’එවන පුහුණුකරුවන් සම්බන්ධයෙන් පියවරක් ගැනීමට කටයුතු කළ යුතුය.එසේම තෝරාගත් ක්‍රීඩිකාවන් පාසල් ක්‍රීඩිකාවන්නම් පාසලට ආසන්නයේ නියමිත විෂයන් ඉගෙන ගැනීමට පාසල් පහසුකම් සැපයිය යුතු අතර ඔවුන් සිටින පාසලෙන් ඉවත් කර ඇතුළත් නොකිරීමට ක්‍රියා කළ යුතුය.
එසේම අනුග්‍රාහකයන් සොයා දීම වැදගත්ය.ප්‍රධාන පුහුණුකරු ඇතුළු එම කාර්ය මණ්ඩලය ද සමඟ විවිධ විෂය ප්‍රවීනයන්ගෙන් වොලිබෝල් දියුණුවට ගත හැකි මාර්ගෝපදේශන මේ පුහුණු කඳවුරට ලබා දිය යුතුය.පුළුවන්නම් කාංචන ජයරත්න,රොෂාන් රණසිංහ මෙන්ම සුසිල් ප්‍රේමජයන්ත ද,නැතිනම් යම් වෙනස්කමක් වුවහොත් කාංචන ජයරත්න එම ඇමතිවරුන් සමඟද වොලිබෝලය ගොඩ දාන්න කරන්නේ කුමක් ද යන්න පිළිබ දව අපි විමසිල්ලෙන් සිටිමු.

නේපාලයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඔසවා දුන්නේ වැටී තිබුණ කාන්තා වොලිබෝලය ය.එය හොඳ අනාගත විජයග්‍රහණයක් සඳහා පවතින බාධා පරාජය කර නිසි තැන පතිත කරන්නට අවශ්‍යය දැවන්ත පහරකට පරිපාලනය ඉදිරියේ එසැවී ඇත.දැන් වැඩේ ඇත්තේ වොලිබෝල් පිටියේ නොවේය.ක්‍රීඩාවේ පමණක් නොව අධ්‍යාපනයේ ද වගකීම් දරාගෙන පුටුවල ඉඳගෙන සිටින පිරිසගේය.නැගිට එන්න.හරියට පහර දෙන්න.දිනන්න අමාරු වුව බැරි නැත.


පස්වන ස්ථානය තීරණය වූ ශ්‍රි ලංකාවේ කර්ගිස්තානයට එරෙහි තරගය පහත සබැඳියෙන් නැරඹිය හැකිය. https://www.youtube.com/watch?v=StxkoaexiNo

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan