IMF හි නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ අද (31) දිවයිනට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දෙදින නිල සංචාරයක් සඳහා  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා අද (31) දිවයිනට පැමිණෙන බව වාර්තා වේ.

ඔහුගේ මෙම සංචාරයේදී කොළඹ වරාය නගරය ඇතුළු ව්‍යාපෘති කිහිපක් ද නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන අතර , ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම මහබැංකු නිලධාරීන් සමග ද සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් .

තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා,  මෙම සංචාරයේදී මෙරට ආර්ථික වැඩපිළිවෙළේ මෑත කාලීන ප්‍රවණතා, ඉදිරියේදී ආර්ථිකය සවිබල ගැන්වීමට ඇති අවස්ථා මෙන්ම ඊට ඇති බාධා  හා ප්‍රමාදයන් අවම කර ගැනීමේ ක්‍රමයන් පිළිබඳව සාකච්ඡා වට කිහිපකට සහභාගි වීමට ඔහු සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය දන්වා සිටී.
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...