ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සිදුවීම – ඇමති ටිරාන් වාර්තාවක් කැඳවයි

Date:

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා වාර්තාවක් කැඳවා තිබේ.

එම සිදුවීම සම්බන්ධයෙන් හෙට (05) දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා මෙම සිදුවීමට මුහුණ දුන්නේ පසුගිය සිකුරාදා යාපනය, වඩමාරච්චි නැගෙනහිර මර්දන්කර්නි ප්‍රදේශයේ ජනතාව හමුවෙමින් සිටියදී ය.

මන්ත්‍රීවරයා පැවසුවේ එහිදී පොලිස් විමර්ශන ඒකකයේ සාමාජිකයින් යැයි හඳුන්වාගත් පිරිසක් එම ස්ථානයට පැමිණ තමන්ට තර්ජනය කර පහරදුන් බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...