දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු හැඟවීම් නිවේදන නිකුත් කෙරේ

0
174

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු හැඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව, බදුල්ල, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලට මෙසේ නායයාමේ පූර්ව අනතුරු හැඟවීම් නිවේදන නිකුත් කර ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයටත් ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය සහ නෙළුව ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට, අගලවත්ත, බුලත්සිංහල සහ පාලින්දනුවර යන ප්‍රදේශවලටත් මෙම නායයාමේ අනතුරු හැඟවීම් නිකුත් කර ඇති බව සඳහන්.

RN