ඒයි කට වහපන්, මමයි කතා කරන්නේ ! – ජනතා විරෝධය හමුවේ ඇමති තග දායි (VIDEO)

Date:

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (03) පැවති ධීවර උද්ඝෝෂණයක් පිළිබඳ සොයාබැලීම සඳහා එහි ගිය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට උද්ඝෝෂකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

ඉන්දීය ධීවරයින් නීතිවිරෝධී ලෙස මෙරට මුහුදේ මත්ස්‍ය සම්පත නෙළාගැනීමට පැමිණීම වළක්වාලන ලෙස ඉල්ලමින් උතුරේ ධීවරයින් ගෙනයන උද්ඝෝෂණ ව්‍යාපාරය ඊයේ තවත් උත්සන්න වූ අතර ඔවුහු යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසකට යන මාර්ග අවහිර කරමින් විරෝධතාවයෙහි නිරත වූහ.

ඊයේ පෙරවරුවේ එම ස්ථානයට පැමිණි ධීවර අමාත්‍යවරයා මින්පසු ඉන්දීය ධීවරයින් පැමිණියහොත් ඔවුන්ව අත් අඩංගුවට ගන්නා බවට සහ මෙරට ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කරන බවට වාචිකව පොරොන්දු වූ නමුත් එම පොරොන්දුව ලිඛිතව ලබාදෙන්නැයි ධීවරයින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව විරෝධතාව දිගටම පැවැත්විණි.

නැවතත් පස්වරුවේ එම ස්ථානයට පැමිණි අමාත්‍යවරයා ධීවරයින් සමග සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී ධීවරයින් ඔහුගේ කතාවට බාධා කරද්දී ඔහු කෝප වී ධීවරයින් වෙත කඩාපැන්නේ පහත ආකාරයෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 අගෝස්තු කලාපය නෙක විසිතුරු ජාති ජම්මහැදිල්ලේ ඉගිලෙති...

🍎ජනපති, ආණ්ඩුව හා ඇමෙරිකන් මහින්ද ඇමෙරිකන් ඉබ්බාගෙන් පිහාටු ලබා ගැනීම…..!

අශෝක ජයතුංග අගෝස්තු 01 වොෂින්ටන් LNW : ලංකාව බංකොලොත් වී යන්තමට...

මූල්‍ය අර්බූද කතා බොරු කරමින් ක්‍රිකට්, පරිසර හිතකාමී ආලෝකයකටද පියවර තබයි

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW: සමාජ මාධ්‍ය යොදා ගනිමින් යම්...

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට එරෙහි පෙත්සමක් ප්‍රතික්ෂේප කෙරේ

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල්...