මුණි බලන්න කාදිනල් හිමි හදිසියේම කොළඹ අපරාධ කොට්ඨාසයට!(VIDEO)

Date:

පසුගියදා බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී බෝම්බය සොයා ගත් එම දේවස්ථානයේ සේවය කරමින් සිටි දැනට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින මුණි නැමැත්තා බැහැදැකීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැමිණියේය.

එම අවස්ථාවට එක්ව සිටි කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ එම බෝම්බය නිසා දේවස්ථානය තුළ සිදු වීමට ගිය මහා විනාශයක් මුණි නැමැත්තා නිසා වැලැක්වුණු අතර ඒ වෙනුවෙන් කාදිනල් හිමි තුළ ඔහු ගැන විශේෂ කෘතඥතාවක් තිබෙන බවයි.

සෙසු තිදෙනා මෙන් මුණි ද පොලීසිය විසින් නිදහස් කරනු ඇති බවට විශ්වාස කරන බව පියතුමා සඳහන් කළේය.

මුණි වෙත මීට දින කිහිපයකට පෙරම නිදහස ලැබෙනු ඇති බවට කාදිනල් හිමිපාණන් බලාපොරොත්තු වුවද එලෙස නිදහස් හිමි නොවීම සියලු දෙනා කම්පාවට පත්කර ඇති බවයි මෙහිදී ජූඩ් ප්‍රනාන්දු පියතුමා කියාසිටියේ.

එමෙන්ම එම බෝම්බය යම් කිසි පුද්ගලයෙක් පෞද්ගලික හේතුවක් මත තැබුවක් නොව එය කුමන්ත්‍රණකාරී සිදුවීමක් ලෙස එය දකින බවද පියතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන්න ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...