*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

මෙරට බඩඉරිඟු වගාවට IFAD වෙතින් සහයෝගය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් 16,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂිව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩසටහන මගින් සහයෝගය ලබාදීමට සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල (INTERNATIONAL FUND FOR AGRICULTURAL DEVELOPMENT- IFAD) එකඟතාවය පළ කර තිබෙනවා. ඒ ලබන මහ කන්නයේ දී බව සඳහන් .

බඩ ඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියට හෙක්ටයාර් 16,000ක් තෝරාගෙන ඇති අතර අනුරාධපුර, හම්බන්තොට, මොණරාගල, පොළොන්නරුව හා අම්පාර දිස්ත්‍රික්ක ඉලක්ක කර ගනිමින් එම බඩඉරිඟු ව්‍යාපෘතිය ලබන මහ කන්නයේ දී ආරම්භ කිරිමට නියමිතයි.

මෙරට සත්ත්ව ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම  මෙහි ප්‍රධාන අරමුණයි.

එම අරමුදලේ මෙරට නියෝජිත හා ආසියානු හා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා SHERINA TABASSUM මහත්මිය ඊයේ (13) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී අදාළ ව්‍යාපෘතිය සම්බන්ධව සාකච්ඡා පවත්වා ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, උසස් තත්ත්වයේ දෙමුහුම් බීජ, රසායනික පොහොර, බිම් සැකසීමට අවශ්‍ය පහසුකම් මෙන්ම ව්‍යාපෘතිය මගින් තෝරාගන්නා ලද බඩඉරිගු වගා කරන ගොවීන්ට නැවත අය කර නොගන්නා මුල්‍ය පහසුකම් ද ලබා දෙන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan