*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

මැලේසියාව දිනුවට වඩා ලංකාව පැරදුණ තරගයක්

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පැවති ආසියානු යොවුන් නෙට්බෝල් කුසලාන තරගාවලිය වෙනුවෙන් පැවති අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාවට ලකුණු 77 – 36 ක් ලෙස දැවන්ත ලකුණු පරතරයකින් පරාජය වුණා.මේ තරගයේ මුල් භාගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ප්‍රදර්ශනය කළේ මැලේසියාව සහ කරට කර සිටිය හැකි තත්ත්වයක් වුවත්,ඉතාමත් දුර්වල පන්දු හුවමාරු හේතුවෙන් ඒ අවස්ථාවන් මැලේසියාවට වාසිදායක ලෙස නිමාවට පත් වුණා.විශේෂයෙන් නායිකා සජිනි රත්නායක අතින් සිදු වූ දැඩි අතපසුවීම් කිහිපයක්ම ශ්‍රී ලංකාව වෙත පීඩනය හරවමින් මැලේසියානු කණ්ඩායමට ලකුණු බවට පත් වුණා.


අවසාන පූර්ව තරගයට පෙර අප තැබූ සටහනේ පෙන්වා දුන් දුර්වලකම් ඒ අකාරයටම ක්‍රියාත්මක වුණා.දිගු පන්දු හුවමාරු විශාල ප්‍රමාණයක් පිටියෙන් පිටතට ගියා.එසේත් නැතිනම් ප්‍රතිවාදීන් අතට ගියා.ශ්‍රී ලංකාව සිතූ මැලේසියානු කොට ක්‍රීඩක සංයුතියක් වෙනුවට කරට කර සිටින උසක් සහිත ක්‍රීඩිකාවන් පිටියේ සිටියදී ඉහළින් පන්දුව යොමු කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ගත් උත්සාහය යම්කිසි ආකාරයක හාස්‍ය දනවන්නක් වුණා.ඒ ක්‍රමවේදය තරගයේ අවසානය වන තෙක්ම පවත්වාගෙන යන්නට කණ්ඩායම් කළමණාකාරීත්වය ඉඩ දුන්නේ ඇයි ද කියන ගැටළුව ද මෙහිදී සාකච්ඡාවට ගත යුතු වෙනවා.


මැලේසියානු ක්‍රීඩකයින්ගේ උස සහ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ උස අතර වෙනස ප්‍රයෝජනයට ගෙන ජය ගැනීමේ අදහස තරගාවලිය පුරාම මැලේසියානු ක්‍රීඩිකාවන් දැක තිබියදීත් නොසිතුවේ මන්ද යන්න සිතිය යුතුයි.තේරීම් සම්බන්ධයෙන් කණ්ඩායමේ ගැටළු මතු වුණා.එම තේරීම්වලදී කණ්ඩායමට අවශ්‍යය බවට රාවයක් නැඟුණේ කණ්ඩායම් පුහුණුකාරියගේම පාසල් ක්‍රීඩිකාවන් විමත් වැදගත්.ඒ කාරණා පදනම් කරගෙන ගොඩ නෑඟු විරෝධතාවයන්ගේ අදහස වූයේ තේරුණු ක්‍රීඩිකාවන් ජාතක මට්ටමේ සූරතාවල අවසන් කණ්ඩායම් අට අතරට නොපැමිණි කණ්ඩායම්වල ක්‍රීඩිකාවන් සේ හංවඩු ගැසීමයි.එවැනි කණ්ඩායම්වල අති දක්ෂ ක්‍රිඩිකාවන් සිටිය හැකියි.කණ්ඩායමක් හැටියට ක්‍රිඩා කරද්දී එම දක්ෂතාවලින් පෙරට යාමට නොහැකි වුවත් දක්ෂයක් කණ්ඩායමක් අතරට වැටුණු විට ස්වරූපය වෙනස් විය.


මේ සඳහා ආසන්නම උදාහරණය ක්‍රිකට්වලින් ගත හැකිය.පළමු පෙළ නම ගිය කණ්ඩායම් සමඟ තරග කිරීමටවත් නොහැකි වූ ඩිල්ෂාන් මධුශංක මෙවර එල්පීඑල් තරගාවලියේ වැඩිම වටිනාකමක් ලැබූ ක්‍රීඩකයාය.ඔහු ජාතික කණ්ඩායමට නොගැනීමට හේතුව =ක් ලෙස පළමු පෙළ හෝ අවසන් කණ්ඩායම් හතරේ නොසිටිය බවට තර්කයක් ගොඩ නැඟුවේනම් අද කතා කරන්න ඩිල්ෂාන් මධුශංඛ කෙනෙක් නැත.
නමගිය නෙට්බෝල් ක්‍රිඩිකාවන් ගත්ත ද,ඔවුන් ජාතික සූරතා දිනූ කණ්ඩායම් පාදක කරගෙනම ආ අය නොවේය.ලංකාවේ විවිධ පැතිවලින් පැමිණ ශ්‍රී ලංකාව සේ එකතු වූ කණ්ඩායමක් සේ ලංකාවට සූරතා ජයග්‍රහණ දිනා දී ඇත.නමුත් දක්ෂ ක්‍රීඩිකාවන්ට යම් අසාධාරණයක් සිඳුවන්නට ඇත යන තර්කයෙහි සත්‍යයක් තිබිය හැකි බව අපි මුල සිටම පිළිගත්තෙමු. නමුත් නම් දෙක තුනක වෙනසකින් ඒ දේ කළ හැකි ද යන්න සළකා බැලිය යුතුය.විශේෂයෙන් මැලේසියා තරගයේදී යම් යම් විරෝධතා මතු වූ ක්‍රිඩිකාවන් නොවන කණ්ඩායම් නායිකාව අතින්ම සිඳු වූ වැරදි බලන දකින විට ඒ මොහොතේ එන පීඩනය කළමණාකරනය කර ගැනීමේ අපහසුවක් දකින්නට ලැබිණ.එයට වගකිව යුත්තේ තේරීම් කමිටුව ද යන්න මේ පරාජයේ සම්පූර්ණ බර තේරීම් මත පටවන අය කල්පනා කළ යුතුය.


නමුත් විවේකී දිනයේ පෙර පුහුණුවීම් අතපසුවීමට යම් බලපෑමක් කළමණාකාරීත්වයෙන් එල් වී ඇත්නම් එය නෙට්බෝල් පරිපාලනය විසින් පරීක්ෂණයක් කිරිම වැදගත්ය.එය එසේ වීනම් ඒ සම්බන්ධයෙන් යම් විනය ක්‍රියාමාර්ග ගත යුතු අතර සාමාන්‍යයෙන් සිඳුවන පරිදි හිත – මිත්‍රකම් සහ නිලවරණ ඉල්කක කරගෙන හිතවතුන්ගේ වැරදි නොසළකා හැරීම සිඳු නොවිය යුතු බව අවධාරණය කරමි.එසේම තවත් ආකාරයකින් වාර්තා වන්නේ අනෙක් අවසන් පූර්ව තරගය නැරඹීම ක්‍රිඩිකාවන්ගේ මනසට බල පෑමට ඉඩ ඇතැයි කියා නවතා දමා ඇති බවය.බොහෝ අය පාසල් දරුවන් වුව ද,රටක වගකීම ඔවුන්ට පැවරුන විට ඔවුන් බබාලා සේ සළකා කටයුතු කිරීමෙන් ඔවුන්ට දරා ගැනීමට නොහැකි බව එවැනි වාරණයකින් ඔප්පුවන බව අපේ අදහසය.දැක්කනම් බය වෙයි යන හැඟීම ඇතුළේම ක්‍රිඩිකාවන්ට දෙන්නේ තමන් ශක්තිමත් නොමැති බවට පණිවිඩයක්ය.මේ සම්බන්ධයෙන් ද සොයා බැලීම හා ක්‍රියාමාර්ග ගැනීම වැදගත්ය.

අපි අවසන් පූර්ව තරගයට කළ විග්‍රහයේදී ගෝල් ෂූටඒ සහ ගෝල් ඇටෑක් යන ස්ථාන දෙක ගැන අවධානය යොමු කළෙමු.එහිදී අපේ අවධානය යොමු වුයේ භාෂි උඩගෙදර සම්බන්ධයෙන් සහ ඩිල්මි විජේනායක සම්බන්ධයෙන්ය.පළමු මොහොතේ සිටම අසාර්ථක හැඩයක් ගත් නායිකාව පිටියේ වැඩි කාලයක් රඳවා ගනිමින් භාෂි සහ ඩිල්මි අවශ්‍යය ස්ථාන කරා යෙදෙව්වේ ඉතා අඩුවෙන්ය.නමුත් අවසාන විග්‍රහයේදි භාෂි උත්සාහයන් 25 න් 22 ක් සාර්ථක කරගෙන ඇත.ඩිල්මි උත්සාහයන් 12 න් 11 ක් සාර්ථක කරගෙන ඇත.
ටීමී ගොනාර ගමගේ ආරක්ෂක පෙළ සමඟ තරගය පුරා රැඳවීමට උත්සාහයක් තිබුණේ ද නැත.අවසාන චයිනිස් තායිපේ තරගයේ දී තමන්ගේ වැඩ කොටස නිවරැදි කරපු පිරිස වැඩි අවස්ථාවක් පිටියේ රදවා ගැනීමේ උවමනාව තිබුණේ නම් පරාජය වුව ද,එහි දැවන්ත බව අඩු විය හැකිව තිබිණි.

අවසාන කාර්තු දෙකේ ශ්‍රී ලංකාව ලකුණු 11 බැඟීන් ලබා ගැනීම කාර්තුවක රැස් කර ඉහළම ලකුණු විය.මැලේසියානු ක්‍රීඩිකාවෝ දෙවන සහ සිව්වන කාර්තුවල ලකුණු 21 බැඟීන් රැස් කළහ.තෙවන කාර්තුවේ ලකුණු 19 කි.නමුත් ඔවුන් පළමු කාර්තුවේ ලකුණු 16 ක් පමණක් ලබා ගනිද්දී එම ලකුණු කරා යාම වළක්වාලමින් ගත් වෙහෙස ඒ මොහොතේම වැරදි පන්දු හුවමාරුවකින් මැලේසියාවටම ලබා දුන්නේය.එසේම එම කාර්තුවේ ලකුණු 6 ක සීමාවේ රඳෙන්නට වූයේ ද දැල දෙසට රැගෙන එන පන්දුව ආපසු හරවා ගන්නට මැලේසියාව සමත් වූවාට වඩා ඉඩක් ශ්‍රී ලංකාවේ වැරදිවලින් ලැබුණ නිසාය.විශේෂයෙන්ම පියවර දෝෂය සිඳු වූ අවස්ථා ප්‍රමාණය මාස ගණනක පුහුණුවක් ලැබූ කණ්ඩායමකින් අපේක්ෂා කළ නොහැකි මට්ටමේ එකකි.එසේම පන්දුව යොමු කිරීමේදී සමාන උසක් ඇති කණ්ඩායමක් ක්‍රිඩිකාවන් උස පන්දු යොමු කිරීම්වලින් මෙල්ල කිරීමට උත්සාහ කිිරීමේ අඥාන තීරණය තරගය පුරාම පවත්වා ගෙන නොයා වෙනස් නොකළේ මන්ද යන්න ද සිතා ගත නොහැකිය.
දැන් මේ පරාජය තේරීම් පිට පටවා බැට දෙන්න උත්සාහ කිරීමට වඩා වැදගත් වන්නේ වැරදුණ තැන් හරියට කියවා ගැනීමය.කණ්ඩායමේ නම ඉතිහාසයට යාමට බලපාන පරිදි ලියැවීමට,සූරතාවය ජයගත්තානම් ඉඩ තිබුණත්,වසර ගණනක් වැරදුණු තේරිම් ගැන ලියාපදිංචි වී ඉතිහාසය පුරා කතා කරනු ඇත.ඒ නිසා චෝදනාවේ බර වැටෙන්නේ තේරීමට වඩා පරාජයටය.කුමන හෝ ඇරියස් පියවා ගැනීමකට ඉඩක් පාදා ගෙන සතුටු වීමට කවුරු හෝ ආසා කරන්නේනම් එය පුද්ගලික කැමත්තය.නමුත් පොදුවේ පරාජය ගැන හරි කියවා ගැනීමේදී නුසුදුසු බව පෙන් වූ ක්‍රීඩිකාවෝ දක්ෂතා දැක්වීම,කුමන මට්ටමකදී කණ්ඩායමේ සිටීම අත්‍යවශ්‍යය බව කියැවි ක්‍රිීඩිකාවෝ යම් ආකාරයකට අසාර්ථක වීම මෙහිදී දකින්නට ලැබිණ.

මෙම කණ්ඩායමට පුහුණු තරග අත්දැකීම් කිහිපයක් ලබා ගන්නට අවස්ථාව තිබුණේනම් එය වැදගත් වන්නට තිබිණ.ඒ අඩුව නිසා යම් ආකාරයක පසුබෑමක් සිඳු වූ බව තරගයේ රැදී සිටීමට අවශ්‍යය මානසිකත්වය ප්‍රදර්ශනය නොවීමෙන් පැහැදිළිය.වැරදි එක පිට එක ආකාරයටම කරන්නේ ඇයි සහ එසේ කරන්නට ඉඩ දී බලා සිටින්නේ ඇයි ද යන්නත් ගැටළුවක් විය.තර්ජණි සිවලිංගම්ට දුර සිට පන්දුව යොමු කරන්නට උථ්සාහ කිරීමේදී විවිධ කාරණා නිසා පන්දුව මැලේසියාවට හිමි වූ අතර එම තත්ත්වය නැවත නැවත තරගය පුරාම දකින්නට ලැබුණු අතර එය දෝෂ සහගත ක්‍රියාවක් සේ අප අවසාන වරට ලියූ සටහනෙන් ද අවධාරණය කරද්දී එම වරද දිගටම සිදු වූයේ ඇයි ද යන්න සිතා බැලිය යුතුය.

කාට හෝ දැන් තරගාවලියට පෙර සිදු වූ තේරීමේ වරද පිට පටවා,තේරීම් කමිටුවට බැට දෙන්නට හැකිය.නමුත් පිටියට බට කණ්ඩායමට තරගය ජය ගන්නට තිබුණු ඉඩ තමන්ගේම වැරදි ක්‍රිඩා රටාවෙන් වරද්දා ගත බව තරගය නරඹද්දී හිතෙනවානම් අප ක්‍රීඩා කරන්නට ඇත්තේ වැරදි ක්‍රමවේදයක් තුළ සිට බව සිතිය හැකිය.කෙසේ හෝ ලංකාවට වැරදුණු හොඳම අවස්ථාවක් බව මේ අවස්ථාවේ පැහැදිළි වන අතර තරගයේ පළමු කාර්තුව නැවත නැවත ඔබ පිරික්සා බලන්නේනම් මැලේසියාවේ ලකුණු කෙතරම් වළක්වා ගන්නට තිබුණේ ද සහ කෙතරම් ලකුණු සඳහා ශ්‍රී ලංකාවට යාමට තිබුණේ ද කියන කාරණයත්,ඒ බොහෝ අවස්ථා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නිවැරදි අවබෝධයකින් තොරව කළ ක්‍රියා නිසා සිදු වූ වැරදි නිසා බවත් පිළිගැනීම කණ්ඩායම් කළමණාකාරීත්වය පිළිගත යුතුය.එසේම යම් අතපසුවීමක් තරගයට පෙර දිනයේ සිදු වී නම් ඒ ගැන පරීක්ෂණයක් කිරිමට පෙර කළමණාකාරීත්වය නෝනාවරියක සේ එම වරද පිළිගැනීම වැදගත්ය.එවැනි දේ වලින් අපි සාමාන්‍යයෙන් දුටු නෙට්බෝල් නෝනාවරුන්ගේ කෙහෙවළු පටලවා ගැනීම නවතා හොඳ සම්ප්‍රදායක් සහ සංස්කෘතියක් නෙට්බෝල් වෙත හඳුන්වා දිය හැකිනම් එය අනාගත ජයග්‍රහණ වෙත යාමට කණ්ඩායමට දෙන හොඳ මඟ පෙන්වීමක් වනු ඇත.

මෙම තරගයට පෙර අප විසින් තැබූ සටහන
https://sinhala.lankanewsweb.net/06/14/57891/

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan