ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත් චෝදනා කිරීම පසෙක තබා රට යළි ගොඩනගන වැඩේට එකතු වෙන ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (05) පාර්ලිමේන්තුවේදී විපක්ෂයට අවධාරණය කළේය.

මේ වන විට ශ්‍රමදාන ආරම්භ කර ඇති හෙයින් ඇති තරම් වැඩ ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

”මේ ව්‍යසනය ඇතුලේ චෝදනා කරන එක වෙනුවට මේ වැඩේට විපක්ෂයත් බහින්න ඕනේ. ඒක නිසා දැන් චෝදනා කර කර ඉන්න එක වෙනුවට කාලය ඇවිල්ල තියෙන්නේ එකට බහින්න. මොකද දැන් ශ්‍රමදාන වැඩ පටන් අරන් තියෙන්නේ. එන්න ශ්‍රමදානවලට ඇතිතරම් තියෙනවා වැඩ. යං බදින්න වැව් ටික. වැව් 640ක් බදින්න තියෙනවා. වේලි කැඩිලා. අමුණු කැඩිලා. මිනිස්සුන්ට දැවැන්ත විනාශයක් වෙලා තියෙන්නේ. ඔබ තෝරාගත් පාර මේ රට ගොඩනැගීමට නම් ඒ පාර ඔබට තවමත් විවෘතයි. මේ පාර තෝරාගෙන යද්දී ගෙදර නාය ගිය කියන කොට බිත්තිත් ගියද කියන්නේ වගේ කතා කියන්න එපා. නාය ගිය මනුස්සය කියනවා ගෙදරම ගියා කියල. එතකොට අපේ මන්ත්‍රීතුමෙක් අහනවා බිත්තිත් ගියාද කියල. බිත්ති ඉතුරු කරලා ගෙවල් නායේ යන්නේ නැහැ සභාපතිතුමියනි. ඒ නිසා අඩුම ගානේ සිහියෙන් යන්න. මිනිස්සු මුහුණ දී සිටින තත්ත්වය ගැන අවබෝධකරගන්න. ජනතාව ඉන්න පීඩාව තේරුම් ගන්න. මේ රට ගොඩනගන වැඩපිළිවෙලට ජනාධිපතිතුමා නායකත්වය දෙනවා. මේ ආණ්ඩුව මේ වැඩේ කරනවා. ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය සහ මේ රටට ආදරය කරන සියලු ශ්‍රී ලාංකිකයින්ගේ මේ රටේ රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සිවිල් සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන සියලු දෙනාගේ සහයෝගය ඇතුව මේ රට නැවත ආපසු හැරවිය නොහැකි ලෙස ගොඩනැගීම මේ ආණ්ඩුව විසින් සිදුකරනවා” යනුවෙන් අමාත්‍යවරයා අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...