ලෝකයේ දෙවැනි විශාලම ධීවර යාත්‍රාවෙන් ප්‍රංශ මුහුදට මළ මත්ස්‍යයන් ලක්ෂ ගණනක්!

Date:

මෙම මළ මසුන් කියාපාන්නේ අත ළඟ එන පාරිසරික විපතක්ද?ලෝකයේ දෙවැනියට විශාලතම ට්‍රෝලර් යාත්‍රාව වන FV Margiris පසුගියදා ප්‍රංශයට නුදුරු වෙරළ තීරයට සිය මත්ස්‍ය අස්වැන්න ලෙස හළා දැමුවේ ලක්ෂ ගණනක මළ මසුන් ය.

අත්ලන්තික් සාගරයේ සුපුරුදු පරිදි ධීවර කටයුතුවල යෙදීමෙන් පසුව ට්‍රෝලර් යාත්‍රාවේ අස්වැන්න දුටු ඔවුන් පමණක් නොව මුළු මහත් ප්‍රංශයම දැන් හිසේ අත ගසාගත් තත්වයකට පත්ව සිටියි.

නිල්-සුදු පැහැයෙන් දුර්වර්ණ වී සිටි මෙම මළ මසුන් තොගය දැක ප්‍රංශයේ සාගර කටයුතු ඇමති ඇනික් ගිරඩීන් පැවසුවේ තමන් කම්පනයට පත් වූ බවයි.

”මළ මසුන්ගේ කාපට් එකක්” යනුවෙන් පරිසරවේදීන් විසින් මෙය හඳුන්වා දී තිබේ. ජාතික ධීවර පිරික්සුම් අධිකාරිය විසින්‌ මේ පිළිබඳ විමර්ශනයක් ද අරඹා ඇත.

FV Margiris ට්‍රෝලර් යාත්‍රාව මේ යෙදී සිටියේ කොඩ් මසුන් අල්ලා ගැනීමේ මෙහෙයුමක ය. ධීවර දැලේ සිදුවූ හදිසි පුපුරා යාමක් නිසා ඔවුන් විසින් අත්ලන්තික් සාගර දියඹේ මත්ස්‍ය අස්වැන්න ලෙස අල්ලාගෙන තිබූ මසුන් තොගයක් මේ අන්දමින් සාගරයට නැවත මුසු වී තිබේ.

ප්‍රශ්නය වන්නේ ගැඹුරු මුහුදේ මළ මසුන් මෙතරම් ප්‍රමාණයක් සාන්ද්‍රණය වී සිටියේ මන්ද සහ, මෙම ට්‍රෝලර් නෞකාව විසින් අල්ලාගෙන තිබුණේ සජීවී තත්වයේ නොමැති මසුන් ද යන්නයි. දැළ පිපිරී නොගියා නම් මෙම අසාමාන්‍ය සිද්ධිය ලෝකයෙන් සැඟවී යන්නට ද ඉඩ තිබිණි.

කොඩ් මසුන් යුරෝපාකරයේ අතිශය ජනප්‍රිය ය. උන් ෆිෂ් ෆින්ගර්ස් සඳහා පමණක් නොව අප විසින් ‘මෝර තෙල්’ ලෙස හඳුන්වන කොඩ්ලිවර් ඔයිල් නමැති පෝෂණ අතිරේකය සෑදීම සඳහා ද, මාළු වශයෙන් ද ආහාරයට ගනියි.

මේ වන විට හෙළි වී ඇති අන්දමට වර්ග අඩි 32,300 ක් එනම් වර්ග මීටර 3,000 ක පමණ සාගර වපසරියක් මෙම මළ මසුන් විසින් වසාගෙන තිබිණි.

FV Margiris වැනි ට්‍රෝලර් නෞකාවන් විසින් මසුන් ඇල්ලීම සඳහා ඇතැම්විට කිලෝමීරටයක් පමණ දිග මාළු දැල් (ඩ්‍රෑග් නෙට්ස්) යොදා ගනියි. මෙම දැල් යොදාගැනීම, සාගර පරිසරවේදීන් විසින් බොහෝ කලක පටන් දැඩි විවේචනයට ලක් කළ භාවිතාවකි.

මේ අතර, කිසිවක් සිදු නොවුණා සේ, ලිතුවේනියානු කොඩිය යටතේ මෙම ලන්දේසි ධීවර යාත්‍රාව තවදුරටත් ප්‍රංශ වෙරළ තීරයේ ධීවර කටයුතුවල නිරත වෙමින් සිටින බව ද සමුද්‍රීය යාත්‍රාවල තදබදය පිළිබඳ නිල දත්ත වාර්තාකරණයේ යෙදී සිටින marinetraffic.com වෙබ් අඩවිය සඳහන් කරයි.

AMALI JAYAWEERA OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...