*
Monday, September 23, 2024
spot_img

Latest Posts

​මේ රට මගේ රට මා ඉපදුන රටහැදෙන වැඩෙන රට මගේම මවිබිම.

1815 මාර්තු 2 වනදින අභිමානවත් සිංහලයා සිංහලේ රාජධානිය කූප්‍රකට උඩරට ගිවිසුමෙන් සෙන්කඩගල ශ්‍රී දළදා වහන්සේ අභිමුඛවදීමව බ්‍රිතාන්‍යයන්ට පවරා දුන්හ..කන්ද උඩරට සිංහලේ රාජධානිය සටන්කර පරාජය කිරීමට කිසිදු විදෙස් ආක්‍රමණිකයෙකුට නොහැකි විය.

ඔවුන් සතුරා සමග සටන් කලේ 1505 පෘතුගීසීන්ගේ සිටය. සිංහලේ රාජධානිය බෞද්ධ සාමිප්‍රදායානූකූලව පැවතුනු වත් පිලිවෙත් අනුගමනය කල ශ්‍රේෂ්ඨ පාලනයකි..සෑම සටනකදීම පාහේ සතුරා සමූල ඝාතනය කිරීමට තරමි අභීත සටන් කාමීන් උඩරට සිංහලයා සතුවිය.තෙළිගු උරැමයක් සහිත නායක්කාර් වංශිකයෙකු වූ මදුරාසියේ විජයනගර් අධිරාජ්‍ය පරමිපරාවෙි කුමරකුවූ කන්නසාමී රාජාධි රාජසිංහයන්ට පසුව කන්දඋඩරට සිංහාසනාරෑඪ විය. වයස 18 දී රාජ්‍යත්වයට පත් මොහු පසුකාලීනව අනුගමනය කල අතිශය අමානුෂික කෘෘර පාලනය කන්ද උඩරට අභිමානයට බලවත් පරාජයක් ගෙනදුනි. සිංහලේ රාජධානිය බ්‍රීතාන්‍යයන්ට පවරාදීමට ප්‍රධානතම හේතුව වූයේ එයයි….

උඩරට ගිවිසුමෙන් රොබටි බ්‍රවුන්රිග් බාරගත් ලංකාව 1948 නිදහස ලබන තෙක්ම වහල් පාලනයක් ගෙනයාමට බ්‍රිතාන්‍යයයන් සමත්විය.රදල පෙලපතේ කිහිප දෙනෙකු හැර අනෙකුත් මහජනයා වහලුන් ලෙස සැලකීමට බ්‍රිතාන්‍යයන් යුහුසුළු විය..

රටෙ සියළුම සමිපත් පැහැරගත් අතර සංස්කෘතික දායාදයන්, ස්වයංපෝෂිත ආර්ථිකය, විනාශ කලහ.ඩොමීනියන් පාලනයෙන් රට කරවූ අතර උඩරට ගිවිසුම අමු අමුවෙි උල්ලංඝනය කලහ..බෞද්ධාගමට හිමි ප්‍රමුඛත්වය නොසලකා කටයුතු කලහ..දහසක් අකටයුතු සිදුවුන පාලනය 1948 අවසන් විය..ඉන්පසුව පැවති පාලනයන්ද සතුටුදායක නොවුනත් වසර 73 කට පසුව හෝ අප නිවැරිදි විය යුතු නොවෙිද…?.රටක් ලෙස ඉදිරියට යාමට මෙතැන් සිට හෝ අදිටන් කර ගනිමු..

පරාක්‍රම බස්නායක… Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan