කිරිගව කර්මාන්තයට බ්‍රසීලයෙන් තාක්ෂණික සහයෝගය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කිරිගව කර්මාන්තය සඳහා ඉතා උසස් තාක්ෂණයක් භාවිතා කරන බ්‍රසීලයේ එම තාක්ෂණික සහයෝගිතාවය මෙරටට ලබා දීම සඳහා ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා ගිවිසුමකට එළැඹීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි .

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී ,බ්‍රසීල සහයෝගිතා ඒජන්සිය හෙවත් ABC- Agency for Brazilian Cooperation හි නියෝජිත පිරිසක් විසින් මේ පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ බ්‍රසීල නියෝජ්‍ය මහකොමසාරිස් Monica Nasser, බ්‍රසීලයේ Federal University Vicosa හි සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය Odilon Gomes Pereira, ABC හි නියෝජිත Andrea Von Rakiwisthe Tillmann, හා Nelci Peres Caixeta යන නියෝජිත පිරිස මෙන්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ වෛද්‍ය නිරෝෂන් ගමගේ යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වී ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...