*
Tuesday, October 8, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 06/25

01. රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව “දැනට තිබෙන මුද්‍රණ යන්ත්‍ර සමඟ ප්‍රමාණවත් ම්‍රද්‍රණ ධාරිතාවයක් නොමැතිකම” බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ පවසයි: රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන මුද්‍රණ යන්ත්‍ර පහක් මිලදී ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇති බව ද පවසයි.

02. ඉදිරි මෝසම් තත්ත්වයත් සමඟ ඩෙංගු වසංගත තත්ත්වයක් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති අතර, එබැවින් ඩෙංගු මර්දනය කෙරේ “සියලු අංශවල වැඩි අවධානයක්‌” යොමුවිය යුතු බව ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි: ඩෙංගු වෛරසය, රජයට හෝ සෞඛ්‍ය බලධාරීන්ට තනිව පාලනය කළ නොහැකි බැවින් සියලු දෙනාගේම සහය අවශ්‍ය බව අවධාරණය කරයි: 2023 ජනවාරි සිට මේ දක්වා ඩෙංගු ආසාදිතයන් 47,000 කට වඩා වාර්තා වී ඇත.

03. රට තුළ නීතිවිරෝධී ගිනි අවි හා අත්බෝම්බ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පුළුල් කිරීම සඳහා සියලු පොලිස් නිලධාරීන් හා තොරතුරු ලබා දෙන පෞද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීම සඳහා, මාසයක කාලයක් සඳහා පොලිස් ත්‍යාග අරමුදල හරහා ලබා දෙන මුදල් ත්‍යාගවල වටිනාකම ඉහළ දැමීමට තීරණය කළ බව පොලිස්පතිවරයා සියලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැනුම් දෙයි: මෙම තීරණය ගෙන තිබෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝගයක් පරිදි ය.

04. ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ඨික බලාගාරයක් ඉදිකිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමේ අරමුණින් රුසියානු දූත පිරිසක් එළඹෙන සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාසවල දිවයිනට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන් පවසයි: මෙම සාකච්ඡාවලින් ධනාත්මක ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව පවසයි.

05. 2025 වන විට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු සියලු ඩිපෝ ලාභ ලබන තත්ත්වයට පත්කළ යුතු බව ගමනාගමන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි: එසේ නොවූවහොත්, මෙම සේවාව ඉදිරියට පවත්වා ගත නොහැකි බවට අනතුරු අඟවයි: බස් ඩිපෝවල සේවකයන්ගෙන් 90% ම අවංකව කටයුතු කරන අතරවාරයේ, 10% පමණ දෛනිකව එකතු වූ සියලු මුදල් ඩිපෝවට ලබා නොදෙන බවත්, ඔවුන් විසින් යම් මුදලක් සන්තකයේ තබා ගෙන ඉතිරි මුදල ඩිපෝවට භාර දෙන බවට චෝදනා එල්ල වී ඇති බවත් අනාවරණය කරයි.

06. හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීම පිළිබඳ තීරණය වෙනුවෙන් පෙනී සිටීමට විදේශ අමාත්‍ය අලි සබ්‍රි කටයුතු කරයි: මෙම තීරණය ගනු ලැබුවේ ඒ පිළිබඳව කරුණු හොඳින් සලකා බැලීමෙන් අනතුරුව හා තමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡා සිදුවීමෙන් අනතුරුව බව පවසයි.

07. 2022 වසර තුළ විදෙස් ගමන් බලපත්‍ර 911,689 නිකුත් කර ඇති අතර, ගතවූ වසර පහ තුළ වැඩිම විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර තිබෙන්නේ 2022 වසරේ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි: 2021 ට සාපේක්ෂව 2022 වසර තුළ අතිරේක විදෙස් ගමන් බලපත්‍ර 529,139 නිකුත් කර ඇති බව ද අනාවරණය කරයි: 2022 වසර තුළ රටින් පිටව ගිය ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 1,124,022 කි.

08. මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත්වීම හරහා ඉකුත් දින ප්‍රකාශයට පත් කරනු ලැබූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිඳු බාධාවක් සිදු නොවන බව එම කොමිසම පවසයි: ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව, මැතිවරණ කොමිෂන් සභාවට සභාපතිවරයා ඇතුළු නව සාමාජිකයන් පස් දෙනෙකු පත් කිරීමට ව්‍යවස්ථා සභාව විසින් යෝජනා කර තිබේ: එහි වත්මන් සභාපති නිමල් පුංචිහේවා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කිරීමට යෝජනා වී තිබේ.

09. ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ අවසන් ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව ඊට අදාළ අභියාචනා සහ විරෝධතා ඇගයීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි: සුභසාධන ප්‍රතිලාභවලින් ආසන්න වශයෙන් 30% ම පාහේ ලැබෙන්නේ එම දීමනා ලැබීමට සුදුසුකම් නොලබන පුද්ගලයන්ට බවට සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බව පවසයි.

10. හෙට සිට ලබන සතිය පුරා අනිවාර්යයෙන්ම කොළඹ තුළ රැඳී සිටින මෙන් සියලු ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ට විශේෂ දැනුම් දීමක් සිදුකර ඇති බව වාර්තා වේ: එළඹෙන සතිය තුළ පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡා කිහිපයක් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විශේෂ යෝජනාවක් සම්මත කර ගැනීමේ අරමුණින් මෙම දැනුම් දීම සිදුකර ඇති බව සඳහන්: ඔවුනට තම විදෙස් ගමන් පවා තාවකාලිකව අවලංගු කර ගන්නා මෙන් දැනුම් දී ඇති බව සඳහන්.  

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan