ප්‍රිගෝශින් නම් කාල බෝම්බය… (මහේෂ් හපුගොඩ)

Date:

OceanGate කට්ටිය ගොඩක් විශ්වාස කරලා, ශක්තිමත් කියල හිතල,

Titan හදන්න භාවිතයට ගත්ත කාබන් ෆයිබර් එකේම තමයි ඒකෙ දුර්වලතාව තිබිල තියෙන්නේ. කවදාවත් විනාශ කරන්න බැහැ කියල හිතපු ‘ටයිටැනික්’ අපරාජිත බවේම තමයි ඒකෙ පරාජය රැඳිලා තිබ්බේ.

මේ වගේ හැම දෙයකම ශක්තිමත් කියල හිතන දෙය ඇතුලෙම එහි සිතාගත නොහැකි දුර්වලතාව පවතිනවා කියල කිව්වේ ඉතාම වැදගත් ජර්මන් විඥාණවාදියෙක් වෙච්ච ෆ්‍රෙඩ්රික් හේගල්.



යමක් යම් විදියකට නිර්මාණය වෙනකොටම ඒ නිර්මාණය ඇතුලේ තියනවා එහි විනාශයේ බීජය. පෙරදිග දර්ශන වාදවලත් මේක කියවෙනවා. මහින්ද මහත්තයට දේශපාලනය ඇතුලේ ගොඩක් හයියක් උණේ එයාගේ විස්තෘත පවුල. හැබැයි එයාගේ දේශපාලනය ගොඩක් විවේචනයට ලක්වෙන්න බලපෑවෙත් ඒ විශාල පවුලම තමයි. මේක තමයි ශක්තිය කියල අපි හිතන දේවල්වල ස්වභාවය.



දැන් රුසියන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගත්තම එයාගේ ලොකුම හයිය උනේ එයාගේ වටේ හිටපු කුලී හමුදා ඛණ්ඩය (mercinaries). ඒ කියන්නේ ගොඩක් වෙලාවට එයාලගේ ”සේවය” වෙනුවෙන් ගෙවීමක් කරලා තියනවා. වැග්නර් ඔෆිස් එකේ තිබිල ඊයේ පවුම් ලක්ෂ ගාණක් හොයාගෙනත් තියනවා.

ඔය කැරළි ගැහුවා කියන වැග්නර් කණ්ඩායමේ යෙව්ජෙනි ප්‍රිගෝශින් (Yevgeny Prigozhin) කියන්නෙත් පුටින්ගේ ලඟින්ම වැඩකරපු කුලී හේවායෙක් ගණයට වැටෙන කෙනෙක්. නිල හමුදාවක සාමාජිකයෙක්ගෙන් කරගන්න බැරි වැඩ පුටින් මෙයාලගෙන් කරගෙන තියනවා. ඒ වගේම යුක්‍රේන් යුද්දය ඇතුළෙත් ප්‍රිගෝශින් සෑහෙන වැඩක් කරලා තියනවා. ඒක තමයි වැග්නර් කණ්ඩායමේ නම නිතරම කියවුනේ.

කොහොම උනත් ඊයේ වෙනකොට පුටින්ට සිද්ද වෙනවා ප්‍රිගෝශින් එක්ක යම් එකඟතාවකට එන්න. වැග්නර් කණ්ඩායමේ කැරැල්ල නැවත්තුවොත් විතරක් එයාලට එරෙහි චෝදනා අමතක කරන්න පුටින් එකඟ වෙනවා. එහෙම එකඟ වෙලා ප්‍රිගෝශින් බෙලාරුස් යනවා.



මින් කියවෙන්නේ වැග්නර් කණ්ඩායම යම් බලවත් තැනක ඉන්නවා කියන එක. අවම වශයෙන් යුක්රේන සතුරෙකුත් දැන් දොරකඩ ඉන්න එකේ රුසියානු බල කදවුර ඇතුලේ කචල් උනොත් ඔක්කොම සුං නිසා මේ එකඟතාව පුටින්ගේ පැත්තෙන් වැදගත්.  හැබැයි මේ විරසක වීම නිසා කවදාවත් අර පරණ හොඳ හිත නම් ඇතිවෙන්නේ නැහැම තමයි.



මම හිතන්නේ නැහැ පුටින් ආයේ වැග්නර් කණ්ඩායම ඉස්සර විශ්වාස කරපු විදියට ආයේ විශ්වාස කරයි කියල. කොහොමත් බලය සහ සල්ලි එක්ක ලොකු විශ්වාසකම් පවත්වන්න බැහැ කියල මේ ඔක්කොමල දන්නවා.

ඒ නිසා මරණ දෙකක් නෙවෙයි ගොඩක් තියෙන පුටින්ට ඉන්න වෙලා තියෙන්නේ ප්‍රිගෝශින් කියන කාල බෝම්බය පිටේ බැඳගෙන….


(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...

X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/_jOnzj5Aslo සටහන – විශේෂ...