ඉන්දීය ස්වර මාධූර්යේ හඬ පෞර්ෂ්‍ය ලතා මංගේෂ්කාර් අද දින මුම්බායිහි බ්‍රිජ් කැන්ඩි රෝහලේදී කොවිඩ් නිවුමෝනියා තත්වය හේතුවෙන් දහස් සංඛ්‍යාත රසිකයන් හඬවමින්, සිය සංගීත දිවියෙන් නික්ම යනු ලැබීය.
1929 සැප්තැම්බර් මස 28 වන දින මධ්‍ය ඉන්දියාවේ උපත ලද හේමා හාර්දිකාර් හෙවත් ලතා මංගේෂ්කාර් මිය යන විට වයස අවුරුදු 92ක් සිය රසිකයන් ගීතයෙන් සංගීතයෙන් පිනවා ඇත. ධීනාත් මහේෂ්කාර් හා ෂෙවන්ති මහේෂ්කාර් යුවලගේ වැඩිමහල් දරුවා ලෙස උපත ලද ලතා මංගේෂ්කාර් හට සහෝදර සහෝදරියන් පස් දෙනෙක් විය.
ඇයගේ පියා ශාස්ත්‍රිය සංගීතඥ පණ්ඩිත ධීනාත් මංගේෂ්කාර් වූ අතර ඇය වෙත සංගීතය පිළිබඳ අත්පොත් තබනු ලැබුවේ ඔහු විසිනි. 13 හැවිරිදි ලතා මංගේෂ්කාර් ‘මරාති’ චිත්‍රපටවල රංගන කොටස් ගායනා ඉදිරිපත් කරමින් සිය වෘත්තීය සංගීත දිවිය අරඹනු ලැබීය.(1950) මදර් ඉන්දියා (1957)බව්ජි බව්රා(1952)දේවිදාස් (1955)චෝරෘ චෝරී (1958)මධුමතී ආදී චිත්‍රපට රැසකින් ඇය ජනාදරයට පාත්‍ර විය.
ඇය විසින් ගියනා කරන ලද මුල්ම ජනප්‍රිය ගීතය වූයේ 1945 වසරේදී ‘මහල්’ චිත්‍රපටයේ ‘ආයේගා ආනේවාලා’ යන ගීතයයි. එතැන් පටන් දශක 7 යන තෙක්ම සිය වෘත්තීය තුළ හිණිපෙත්තටම යාමට ඈ පුණ්‍යවන්ත වූවාය. ඇය වෘත්තීයෙන් චිත්‍රපට පසුබිම් ගායිකාවක් වූ අතර සංගීත අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය ද ඇයගේ විෂ්‍ය පථයේ විය.
බහුවිධ ආගමික, සංස්කෘතිකමය, භාෂාමය විවිධත්වයක් ඇති ඉන්දියාවෙහි පටු ආගමික, දේශපාලනික දේශසීමා අතික්‍රමණය කරමින් ඇගේ හඬ සහෘද රසික හදවත්වලට ආමන්ත්‍රණය කිරීමට සමත් විය.
වෛජයන්තිමාලාගේ සිට ප්‍රීති සින්ටා දන්වාම විවිධ පරම්පරා නියෝජනය කරමින් ගීත ගායනා කිරීමට ඈ භාග්‍යවන්ත විය. දශක ගණනාවක් තිස්සේ වැඩිම ඉල්ලුමක් ඇති ගායිකාව ඇය විය.
ස්ත්‍රියකට ඉන්දීයාවේ පුරුෂොත්තම සමාජයේ පැවැත්ම හා පිළිගැනීම පිළිබඳව ආගමික වශයෙන් විවිධ ගැටලු වේ. ලතා මංගේෂ්කාර්ගේ අධ්‍යාපනයට පිළිබඳ තොරතුරු අප්‍රකටය. එනමුත් ඇයගෙන් තොර ඉන්දීය සංගීතය පිළිබඳ කතා කළ නොහැකිවා මෙන් සංගීතය හා ඇය අතර ඇත්තේ ආත්මීය බැඳීමකි. ඇය ආගමික ,දේශපාලන, සංස්කෘතික සීමා බිඳ දමමින් ලෝකයේම ආදරයට ගෞරවයට පත් වීමට සමත් විය.
ඇගේ ගීත හරහා ඇයට අහිමි වූ උපන් තොටිල්ල සොයා යන්නට විය. ඇය බලාපොරොත්තු වූ නිදහස් ජීවිතය ඇගේ ගීත වලින් ඇය රස විඳින්නට විය.ඇය බලාපොරොත්තු වූ ලෝකය තුළ නිදහස, ආදරය ,ප්‍රේමය ,දයාව, සෙනෙහස ඈ වින්දාය. දරා ගත්තාය. විඳින්නට මෙන්ම දරා ගන්නට අපට කියා දුන්නාය. භාෂාව නොදන්නා බොහෝ රසික පිරිසක් ඇගේ හඬ මාධූර්ය වෙනුවෙන් ඈ වටා රාශී විය. නොදන්නා භාෂාවකට නොදන්නා වචනවලට ආදරය කරන්නට බොහෝ රසිකයන්ට අත් පොත් තැබුවේ ඇයයි. මෙලෙස දෙස් විදෙස් සියලූම රසිකයන් කම්පනයට පත් කරමින් ඇගගේ නික්මයාම මිල කළ නොහැකි අඩුවකි.
ස්වර මාධූර්යේ රැජින ,ඉන්දියාවේ හඬ ,සහශ්‍රයේ හඬ ,ඉනිදියාවේ කෝකිලාවිය යන විවිධ අන්වර්ත නාමයන්ගෙන් හඳුන්වන ලද ලතා මංගේෂ්කාර් හින්දි මරාටි බෙංගාල ආදී ප්‍රාන්ත භාෂා මෙන්ම විදෙස් භාෂා 36කින් ගායනා කරන ලද ගීත සමුචිචය 30000ක් බව කියැවේ.
මංගේෂ්කාර් සිංහල සිනමාව වෙනුවෙන්ද සිය හඬ පෞර්ෂය ලබා දුන්නාය. ආනන්ද සමරකෝන් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සැඩ සුළං’ චිත්‍රපටයේ “හෙළදිව පුරාතනය” ගීතයට ඇය පසුබිම් හඬ සපයයි.
ඇය ඉන්දියාවේ ‘නයිටිංගේල්’ ලෙස විරුදාවලී ලත් ගායිකාවකි. (1969) වසරේ දී ඇය ඉනිදීය පත්ම භූෂණ (1999) පදිම විභීෂණ (2001) වසරේ භාරත රත්න ආදී සම්මානයන්ට පාත්‍ර විය. මීට අමතරව දෙස් විදෙස් ගරු කටයුතු සම්මාන 40 වඩා ප්‍රමාණයකින් ඈ පිදුම් ලැබීය. ඉන්දියාවේ ශිවාජි විශ්ව විද්‍යාලය ,කෝල්පාපූර් විශ්ව විද්‍යාලය, හයිද්‍රබාද් විශ්ව විද්‍යාලය ආදී විශ්ව විදයාල වෙනුවෙන් ඇයට සංගීතය පිළිබඳ ආචාර්ය උපාධි ඈ වෙත පිරිනමා ඇත.
ලෝකය පුරා ශෝකයට පත් දෙස්, විදෙස් රසිකයන් ඈ වෙත ශොක පණිවුඩ නිකුත් කරමින් සිටියි. ලතා මංගේෂ්කාර් මැතිණියගේ අභාවය වෙනුවෙන් ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් ,අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුලු විශාල පිරිසක් ශෝක පණිවිඩ නිකුත් කර ඇති අතර, මේ වන විට ඇගේ වියෝව වෙනුවෙන් දින දෙකක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කොට තිබේ. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද ට්විටර් සටහන් තබමින් ඉන්දීය ගීත කෝකිලාවිය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කර ඇත.
ආගමෙන්, භාෂාවෙන්, සමේ වර්ණයෙන් ,සංස්කෘතියෙන් එකිනෙකාට වෙනස් ලෝකයක ආදරය, ප්‍රේමය,වේදනාව ,දයාව ,මනුෂ්‍යත්වය වැනි මානව හැඟීම් පොදු භාෂාවක් බව ඇය තව දුරටත් පෙන්වා දෙමින් ඇත.
ඇය ඉන්දීය සංගීතය තුළ හැරවුම් ලක්ෂයකි. ඉනිදියාවේ හඬ, සංගීතයේ හඬ, ලෝකයට ගෙන ගියේ ඇයයි. සංගීතය විශ්ව භාෂාවක් නම් එයට අත් පොත් තැබුවේ ඇයයි. අද මෙන්ම හෙටත් ඇයගේ නොනිමි ගීත ගඟුල, සදා නන්දනීයවූ හඬ ,ඔබත් මමත් අමන්දානන්දයට පත් කරනු ඇත.
-සශිකලා මධුෂාණී-