උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට දෙන පොලි රහිත ණය නැවත ලබා දෙන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

යහපාලන රජය විසින් විශ්වවිද්‍යාල වරම් ලබන සිසුන්ට වැඩිදුර අධ්‍යාපන කටයුතු සදහා පොලී රහිත ණය ලබා දුන් නමුත් 2021/ 2022 කණ්ඩායමට එම ණය ලබා දීමට අවශ්‍ය ගැසට්ටුව නිකුත් කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

2017 වසරේ උපාධි අධ්‍යාපන ආයතන 6කට උපාධි පාඨමාලා 26ක් හැදැරිමට රුපියල් ලක්ෂ 8 පොලී රහිත ණයක් ලබා දුන් බවත් එහෙත් 2021/ 2022 කණ්ඩායමටට මේ ණය තවම ලබා දි නොමැති බවත් මේ සඳහා කැබිනට් අනුමැතිය පවා හිමිව ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කැබිනට් අනුමැතිය පවා හිමිව ඇති මොහොතක මෙය ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බවත් ඒ සදහා දැන් ක්‍රමවේද සකස් කිරිමක් අවශ්‍ය නොවන බවත් 7 වැනි කණ්ඩායමට එම ණය ලබා දිම ප්‍රමුඛතාවක් කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටට සුදුසු දේ සහ අවශ්‍ය දේ තේරුම් ගන්න – නාමල් ජනාධිපතිට කියයි

කොළඹ LNW:ජනතා විමුක්ති පෙරමුණට අනුකූල වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට...

විශ්මි,ඉමේෂා සහ ඉනෝෂි එක්ව අළු පාට ජය පාටට හරවති

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: කාන්තා විස්සයි ජාතික ලීග්...

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...