පොහොට්ටු මන්ත්‍රී නොඇල්ලීම ගැන හඟුරන්කෙත විරෝධතා. පොලිසියෙන් අහසට වෙඩි

Date:

මනුෂ්‍ය ඝාතනයකට අදාළ සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට නොගැනීම පිළිබඳ විරෝධය පළකරමින් ඊයේ (26) රාත්‍රියේ ප්‍රදේශවාසීන් පිරිසක් හඟුරන්කෙත පොලිස් ස්ථානය වටළා විරෝධය පළකර තිබේ.

හඟුරන්කෙත පොලිස් වසමේ දියතිලකපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පහරදීමකින් තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 25 වනදා මියගොස් ඇති අතර එම පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසකට ය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් කාන්තාවක් අත් අඩංගුවට ගෙන තිබුණු අතර හිටපු මන්ත්‍රීවරයා ඇතුළු 8 දෙනෙකු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව ඔවුන්ව අත් අඩංගුවට නොගැනීම පිළිබඳව විරෝධය පළකරමින් ඊයේ රාත්‍රියේ 200ක පමණ පිරිසක් හඟුරන්කෙත පොලීසිය වටළා කළහකාරී ලෙස හැසිරී තිබුණු බවත් ඔවුන් පොලිස් ස්ථානයේ ගේට්ටුව බිඳ දමා ඇතුළු වීමට උත්සාහ කළ බවත් පොලිසිය පවසයි.

අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා මෙතෙක් සිදුකර ඇති විමර්ශන පිළිබඳව දැනුවත් කර තිබියදීත් එම පිරිස කළහකාරී ලෙස හැසිරී ඇති අතර ඔවුන් පොලිස් ස්ථානයට ගල් ප්‍රහාරයක් ද එල්ල කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව පොලිස් ස්ථානයට ඇතුළු වුවහොත් සිදුවිය හැකි හානිය සහ රාජකාරි කටයුතුවල නියුතු නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ අවධානය යොමුකර තත්ත්වය පාලනය කිරීම සඳහා ස්ථානාධිපතිවරයාගේ නියෝග පරිදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අහසට වෙඩි ප්‍රහාර 38ක් පමණ එල්ල කළ බවත් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

එසේ අහසට වෙඩිතැබීමෙන් අනතුරුව විරෝධතාකරුවන් පොලිස් ස්ථානයට ඇතුළු වීමෙන් වැළකී හඟුරන්කෙත – මහනුවර ප්‍රධාන මාර්ගයේ රැඳී සිටිමින් පැයක පමණ කාලයක් විරෝධය දක්වා විසිර ගොස් ඇති බවත් සඳහන්.

සිද්ධියෙන් කිසිවකුට තුවාල සිදුවී නොමැති අතර පොලිස් ස්ථානයේ ගේට්ටුව පෙරළා දැමීම නිසා ඊට අලාභහානි සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

ඒ අනුව කළහකාරී ලෙස හැසිරුණු පිරිස හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට හඟුරන්කෙත පොලිසිය විමර්ශන සිදුකරන බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නුඹත් අද ගිහින් “මහසිළු”

තේජාන්විත ..නුඹේ ගමනට..වශීනොවූයේ කවුරුන්ද..කිරි පාට දිදුලන ..වැඩුණු දළ යුඟළ...

මැදමුලනට යන මහින්ද බලන්න දේශපාලකයින්, විදෙස් නියෝජිතයින් රැසක් විජේරාමේ නිල නිවසට!

කොළඹ LNW:"ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් අනුව හිටපු...

පාස්කු ප්‍රහාරය ගැන විපක්ෂ නායක යළි විවාදයක් ඉල්ලයි!

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය ගැන විවාදයක් සිදු කිරීමට අවස්ථාව ලබා...

චමරිගේ බල ඇණිය නම් කෙරේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 11, කොළඹ LNW: කාන්තා ලෝක කුසලානය සඳහා...