ජුලි 01 වන සෙනසුරාදා උදෑසන 09.30 ට පාර්ලිමේන්තුව කැඳවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ (27) පස්වරුවේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ යෝජනාව එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, ඊට අනුමැතිය ලබාගැනීම සඳහා විවාදයක් ද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
RN