අදත් ප්‍රදේශ රැසකට වැසි – කාලගුණ නිවේදනය

Date:

අද (30) දිනයේදී සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

මේ අතර ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ත් 45ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකිය.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං මගින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...