ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ අමාරුයි. දැන් කොත්තුවක් කන්න පුළුවන්ද ? – බිමල්

Date:

ජීවන වියදම අතින් බැලීමේදී 2022 වසරට වඩා මේ වසරේදී ජනතාවට ජීවත් වීම අසීරු වී ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

“දැන් අපට කියනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගැනීම හරහා ලංකාවේ ආර්ථිකය දියුණු වෙනවා කියලානෙ රනිල් වික්‍රමසිංහලා කියන්නෙ. ගිය ජුනිවල තෙල් තිබුණෙ නෑ, මේ ජුනියේ තෙල් තියෙනවා. හැබැයි මං ඔබතුමාලාගෙන් එක ප්‍රශ්නයක් අහන්න කැමතියි. ගිය අප්‍රේල්, මැයි, ජුනිවල තෙල් තිබුණෙ නැති බව ඇත්ත. අපට මහා කරදරයක් වෙලා තිබිච්ච බවත් ඇත්ත. ජීවන වියදම පැත්තෙන් ගත්තොත් ගිය ජුනියද අමාරු, මේ ජුනියද අමාරු ? ඇයි ගිය අවුරුද්දේ මාළු කෑල්ලක් කන්න බැරි තත්වෙක හිටියද ? බිත්තරයක් දකින්න නැති ප්‍රශ්නයක් තිබුණාද ගිය අවුරුද්දේ ? ඉස්සර කොල්ලො හැන්දෑවට සෙට් වෙච්ච ගමන්ම කොත්තුවක් දානවා. දැන් එහෙම කරන්න පුළුවන්ද ? දවස් තුනක් හතරක් ප්ලෑන් කරන්න ඕනෙ කොත්තුවක් කන්න. මම කියන්නෙ නෑ ගිය අවුරුද්ද සුපිරි කියලා. ගිය අවුරුද්දත් මේ රාජපක්ෂලාම තමයි රට කකා හිටියෙ. හැබැයි මෙච්චර අමාරුවක් තිබුණෙ නෑ”

බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...