Monday, December 11, 2023
spot_img

Latest Posts

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට. ඡන්ද විමසීමත් අදම

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව අද (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද දිනයේ කැඳවා ඇති අතර එම යෝජනාව පිළිබඳ විවාදය පෙරවරු 09.30 සිට පස්වරු 07.30 දක්වා පැවැත්වීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (30) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී මෙම තීරණයට එළඹ ඇති අතර මීට පෙර කතාබහට ලක්ව තිබුණු පරිදි ඉරිදා දිනයේ පාර්ලිමේන්තුව රැස් නොකිරීමටත් එහිදී තීරණය කර තිබේ.

ඒ අනුව, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව ඒ සම්බන්ධ ඡන්ද විමසීම ද අද පස්වරුවේම සිදුකෙරෙනු ඇති.

RN

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.