ක්‍රීඩා මාධ්‍යවේදියාගේ දිනය සහ විනය

Date:

වර්ෂ 1800 ටත් ඈතට දිවෙන ක්‍රීඩා මාධ්‍ය දායකත්වය වෙනුවෙන් ලොව පුරා ක්‍රීඩා මාධ්‍යවේදීන්ට එකතු විය හැකි සංවිධානයක් නිර්මාණය වුණේ 1924 දී ය.එය International Sports Press Association (ISPA) ලෙස එම ආරම්භය ඇකි කරන්නේ එම වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආවරණය කරන්නට පැමිණි මාධ්‍යවේදීන් එක්වීමෙන්ය.
එතැන් සිට වසර 70 ක් ගෙවුණ තැන 1994 ජුලි 2 වන දින පළමුවරට ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍යවේදී දිනයක් නම් කර එය සමරන්නට ISPA මුල් වන්නේය.එතැන් සිට අද සැමරෙන්නේ 30 වන ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍යවේදී දිනයය.
ලොව පුරා සිටින ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ කැපවීම ඇගයීමට ලක් කරමින්,ඔවුන්ගේ වෘත්තිය ජීවිතයට උත්තේජනය සැපයීම සහ ගෞරවය පුද කිිරීම මෙම දිනය සැමරීමේ අපේක්ෂාවයි. ක්‍රීඩා විෂය සම්බන්ධයෙන් දැනුවත් භාවයෙන් යුතුව කටයුතු කළ ක්‍රීඩා මාධ්‍යවේදීන් ලෝකයේ ක්‍රීඩාවේ ගමන් මඟ වෙනස් කරන්නට විශාල ලෙස දායක වී ඇත.

ශ්‍රී ලංකාවේ ද අවස්ථා කිහිපයකදීම ක්‍රීඩා මාධ්‍ය සංවිධාන පිහිටුවා ගත්තද,ISPA සාමාජිකත්වය ලද සංවිධානයක් බිහි වුණේ මෑත ඉතිහාසයේය. ලංකාවෙ සිටින “මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන්ට” පමණක් සීමා කරමින් ඇැරඹි නිසා ක්‍රීඩා මාධ්‍ය වෘත්තියේ නියැලි බොහෝ දෙනෙක්ට ඊට එක්වීමේ අවස්ථාව මඟ හැරිණ.සමහරවිට එම තත්ත්වය එහි පවතින සාමාජිකත්වයේ වෙනස්කම් අනුව මේ වන විට වෙනස් වී තිබීමට ද ඉඩ ඇත.
කෙසේ වුව වර්ෂ 1800 ආරම්භ වන ක්‍රීඩා මාධ්‍යවේදියාට මුහුණ දෙන්නට තිබුණ බාධක අභියෝග මේ වන විට වෙනස්ය.සමහර අවස්ථාවල යුක්රේනය,ඇෆ්ගනිස්තානය වැනි තැනෙක යුද්ධයෙන් පීඩාවට ලක්වන ක්‍රීඩක ප්‍රජාව ගැන වාර්තා කිරීමට ක්‍රීඩා මාධ්‍යවේදයෙකුට සිතෙන්නට ඇත.එසේ නොවී ලෝකයේ ක්‍රීඩාවේ සමානත්මතාවය අහිමිව සිටින සංක්‍රාන්ති සමාජ සාමාජිකත්වය ගැන වාර්තා කිරීමට ක්‍රීඩා මාධ්‍යවේදියාට සිදු විය හැකිය.
එහෙත් අභියෝගයන්හී ස්වභාවය වෙනස් වුව ද,ස්වාධීනව ක්‍රීඩාව සහ ක්‍රීඩකයා වෙනුවෙන් සෘජුව පෙනී සිටීමේ වගකීම ක්‍රීඩා මාධ්‍යවේදියා සුරැකිය යුතුව ඇත.විවිධ සමාජ හා දේශපාලන බලපෑම්වලට යටත්ව කටයුතු කිරීමෙන් වැළකී සිටීම වැදගත්ය. එමෙන්ම,වත්මන් අපේක්ෂිත ක්‍රීඩා සාරධර්මවලට පටහැනිව ලිංගික අනන්‍යතාවය අනුව වෙනස්කම් පදනම් කරගෙන ක්‍රියා කිරීමෙන් වැළකීමද ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේද යුතුකමය.

වර්ථමානය වන විට ලෝකය එක යායක් වී ඇත්තේ තාක්ෂණයේ විද්‍යාවේ දියුණුව නිසාය.එමෙන්ම එම දියුණුව විසින් ඇති කළ ප්‍රතිඵලයකට අනුවම මිත්‍යාවන්ගෙන් බැහැරව ලෝකයේ සියලුම මිනිසුන් සමානයන් සේ සැළකෙන ඉහළ මානසික ගුණාංගයන්ද වර්ධනය වී ඇත.එයට ක්‍රීඩාවද යටත්ය.ඒ නිසා අද වන විට ක්‍රීඩා මාධ්‍යවේදියාගේ භූමිකාව පෙරට වඩා දියුණු,දැනුවත් වගේම වෙනදාටත් පොදු වූ දෘෂ්ටියකින් ක්‍රියා කරන තත්ත්වයට පරිවර්තනය විය යුතුව ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැතිනිය ඇතුළු ඇමතිවරු 45ක් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්...

යුදෙව් විරෝධී චෝදනා සම්බන්ධයෙන් ප්‍රංශය, ඇමරිකානු තානාපතිවරයා කැඳවයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) LNW: යුදෙව් විරෝධයට...

අපගේ පරමාර්ථය සමස්ථ දරු පරපුරටම ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හදන එක : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව...

විහස්ගෙන් විසල් දස්කමක්

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: මේ දිනවල පැවත්වෙන අවුරුදු 23...