*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

අස්වැසුම හිස් වැසුමක් නොවන හිස් වැඩක් නොවන්නට….

දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබාගෙන,ඒ උපදෙස් මත වැඩ කිරීමෙන් රටට යහපතක් වන බව පිරිසක් කියති.මේ දක්වාම අප කරේ ඒ දේමය.එසේ කිරීමෙන් අපට උරුම වී ඇති ආර්ථිකය බංකොළොත්ය.
මේ ආර්ථිකය සාර්ථක කරන්න ගත් ණය ඉතිහාසය පුරාම කළමණාකරනය කළ පිරිස ඒ ණය ගත්තු හේතුවට ඒ ආකාරයටම පවතින්න දී ඇත්තේ ඇයිද යන්න අප කල්පනා කළ යුතුය.ආර්ථිකය වෙනස් වී නැත.සමාජය ද මීට වසර ගණනකට පෙර තිබුණු ආකල්පවලින්මය.තවමත් බෝධියේ කොඩියක් එල්ලා දුව – පුතා විභාගය සමත්වන තුරු බලා ඉන්නා පිරිස්වල අඩුවක් නැත.අතට ජංගම දුරකතනය සහ ලැප් ටොප් පරිගණකය පැමිණ ඇතත් ඒවා ද වැඩි පුර පාවිච්චි වෙන්නේ නැකත් බැලීමට,සාත්තර කීමට තත්ත්වයට වැඩී ඇත.ඒ නිසා දෙවියන් හෝ පැමිණ තම ප්‍රශ්ණ විසඳන අයුරු බලා සිටිනු විනා ආත්ම වීශ්වාසයෙන් කටයුතු කරන මිනිස්සු තාක්ෂණය සහ විද්‍යාව දියුණුවන ප්‍රමාණයට සමානව ඉහළ ගොස් නැත.

විශේෂයෙන් සහනාධාර යනු ගොඩ එන්නට දෙන අතදීමක් නොවේය.එය වලට වැටුණ පසු එයින් ගොඩ එන්නට දෙන අතදීමක් වෙනුවට වළේම තියාගෙන හැමදාටම කන්න දීමක්ය.හාල්පොතේ ඉද,ජනසවිය,සමෘද්ධි හරහා දැන් එන අස්වැස්ම ද වැටෙන්නේ වලට දමා වලට කන්න දැමීමේ ක්‍රමයටය.
මේවා සහනාධාරවලට වඩා දේශපාලන ආධාරය.ඇත්තටම දුප්පත් මිනිහට ලැබුණත් ඔහු ද එම ආධාරය රැක ගැනීමටනම් දේශපාලන රැස්වීම්වලට,දේශපාලනය වෙනුවෙන් මැයි දිනය ආදියට යාම අවශ්‍යය වන්නේය.ආධාර තනිව නැගී සිටිය හැකි මිනිසෙක් නිර්මාණය කිරීම පිණිස නොවේය.ඒ දේශපාලනයේ රැඳෙමින් දිගටම භුක්ති විදීමේ හැකියාව ආරක්ෂා කර ගන්නටය.

මේ සහනාධාර නොව වැඩිහිටි දීමනා,ආබාධිත ප්‍රජාව වෙනුවෙන් දෙන ආධාරවල තත්ත්වය ද මෙයය.ඒවා ආබාධකම නිසා ආධාර ලැබීමේ හිමිකමට ලැබෙන ඒවාම වන්නේ නැත.වැඩිහිටි ආදායමක් නැති කෙනෙක් වීම නිසාම එම ආධාරය හම්බවෙන්නෙත් නැත.ඇත්තටම සිඳුවන්නේ නිලධාරීන්ගේ හිත දිනා ගැනීම මත මේ ආධාර ලැයිස්තු සැකසීමය.ආබාධ වුණොත්,වැඩිහිටියෙක්ව ආදායම් මාර්ගයක් නැත්නම් වැනි කාරණාවලදි සෘජුව කතා කරන්නට නොහැකිය.එ් වැඩිහිටිකම සහ ආබාධ සහිත ස්වභාවය විසින් අහිමි කර ඇත්තේ ඒ කතා කරන්නට ඇති සුදුසුකමය.ඒ නිසා තමන්ට පෙනෙන ඇත්ත කිව්වොත්,ඒක නුසුදුසුකමක් වන්නට හැකිය.ජීවිතයේ ඇති ඇත්ත අත්දැකීම්වලට අනුව ආබාධිත ප්‍රජාවට ලැබෙන ආධාරයෙන් වසරකට දෙවරක් පමණ තෑගි ලබන නිලධාරීන්ද ඇත.මේ ඇත්ත තත්ත්වයය.නිලධාරියාට බලය රැදෙන ආකාරයට සහ ඔහුගේ තීරණය අවසාන තීරණය වන ආකාරයට වෙනත් පරීක්ෂණ ක්‍රියාවලියක් නැති ලෙස මේ සුදුස්සන් තේරිම සිඳුවන අතර ඒවා වෙනස් වන්නේනම් ඒ දේශපාලන අතපෙවීම්වලින් ලැබෙන දේශපාලන ආධාරකරුවන්ගේ නම් ඇතුළත් කිරීම්වලටය.

එහෙත් ආබාධ ඇති ප්‍රජාවද එය නොලබා ජීවත් වෙන්නට හැකි සේ ජීවිතය ගොඩ නඟා ගන්නට හැකියාව ඇත්තෝය.එහෙත් මේ කිසිදු ආධාරයක් යහපත්, ස්වයංව නැඟී සිටීමට හැකි සේ භාවිතා කරන්නට මේ පිරිස උනන්දු කිරීමේ ක්‍රමයක් නැත.එසේ උනන්දු වී වැඩ කරන්නට සිතන ආධාර ලබන්නෝ ද නැත.වෙනස් වන්නට උපකාර කරන යාන්ත්‍රණයක් හැදෙන්නෙත් නැත.ඒවා තමන්ගේ දුප්පත්කම නිසා හෝ දුප්පත් යැයි සළකා හෝ දුප්පතුන්ගේ ලේඛණයට එය නම ඇතුළත්වීමට බල පෑ දේශපාලනය නිසා තමන්ට හිමි විය යුතු ආධාරයක් කියා සදාකලිකව පතන්නේය.ආබාධ සහිත ප්‍රජාව ගත්තද,වැඩිහිටියෙක් ගත්තද ඒ ආධාරය හිමිවන්න බලපාන කාරණා හෝ හිමිවීමේදී ප්‍රමුඛත්වය ලැබෙන කාරණා හෝ අවසන් කර තනිව ජීවත්වන්නට උත්සාහ ගන්නා තැනට පත් නොවන්නේය.නමුත් අබල දුබල වැඩිහිටියෙක් නොවන ඕනෑම අයෙකුට තම ඉරණම වෙනස් කර ගැනීමට මාර්ගයක් සකසා ගැනීමට හැකියාව තිබිය යුතුය සහ එයට මඟ පෙන්වීමක් කරන වැඩ පිළිවෙලක් තිබිය යුතුය.
මෙසේ කී විට අවුරුදු ගණනක් නම් කර කිසිඳු වැඩ සටහන් ක්‍රියාවලියක් ඇති නොකොට නියමිත කාලයට ආධාර නැවත්වීම සුදුසු නැත.ආධාර නවත්වන්න සුදුසු තත්ත්වයට පත් කළ යුතුය.රජය ව්‍යාපාරවලින් ඇත් නොවී ලාභ උපයන සේ කළ හැකි හොඳම වැඩ සටහන ද මේ පුද්ගල ශක්තිය සහ ඔවුන්ගේ නිර්මාණශීලි හැකියාවන් සඳහා වෙළද පොළක් සැකසීමය.අතරමැදියෙක් සේ රජයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට මේ කාර්යය තවත් අධීක්ෂණ ක්‍රියාවලීන් සමඟ පැවරේනම් නිලධාරීන් වැඩ කරනු ඇත.පෞද්ගලික අංශයේ උදව් ඇතිව නිෂ්පාදන කිරන නව ව්‍යවසායකත්වයක් ආධාර ලබන්නන් හරහා බිහි කළ හැකිය.ඒත් සිද්ධවෙන්නේ ආධාරවලින් යැපෙන පිරිස වැඩි කිරීමේ ක්‍රියාවලියක්ය.ඊ ළඟට එන්නේ නිලධාරීන්ට පුටුවේ ඉදගෙන මේ ලැයිස්තුවලට ආධාර බෙදා දීමේ ක්‍රියාවලියක්ය.මැතිවරණය එන විට ආධාර ලබන්නා කෑම පැකට් එකක් සහ අරක්කු වීදුරුවක් බී තමන්ට ලැබෙන ආධාරය බේරා ගැනීමට රටම බේරා ගැනීමට යැයි කියා සැළසුමක්,අදහසක් ,දැනුමක් නැති පාලකයෙක් පත් කර ගැනීමය.

රට දියුණු නොවීමේ හේතුව ආධාරය.ඡන්ද හැටියට වැටෙන්නේ තමන්ට වැඩියෙන් ආධා ර හිමි විය හැකි පක්ෂ සහ පුද්ගලයින් පත් කර ගැනීමය.ආධාර යනු වැඩිපුරම දේශපාලන ආධාර බව මේ රටේ හැමෝටම රහසක් නොවේය.අස්වැසුම ප්‍රශ්නයෙන් මිදීමට සෙවණ ඇති හිසු වැසුමක් නොවන්නේය.එය තව දුරටත් ආධාර පවතින ක්‍රියාවලියක ආරම්භයක්ය.

හෙට ඔවුන් ආධාරය රැක ගැනීමට ඡන්දය දෙනු විනා රට රැක ගැනීමට ඡන්දය නොදෙනු ඇත.ජාතිය ආගම යන සියල්ල පවතින්නේ තමන්ට ලැබෙන පහසුකම් සහ ආධාරවලට සරිලන සේය.ඡන්දය සේ පිරෙන්නේ මේ යැපුම් මානසිකත්වය සංතෘප්ත කරන්නට පක්ෂපාති මිනිසුන්ගේ ඡන්දය.කිසිඳු පක්ෂයක් ආදාර දීම අඩු කළ යුතු බව කියනු වෙනුවට එහි අඩු පාඩු පෙන්වා දෙන්නේය.මේවා වසර කිහිපයක් දී නැවත්විය යුතුය.ඒවා නැවතෙන සේ මේ මේ ආකාරයේ සැළසුම් මිනිසුන්ට ඉදිරිපත් කළ යුතුය වැනි කාරණා කිසිවෙකුත් කියන්නේ නැත.යැපුම් මානසිකත්වය වෙනස් වූ මිනිසුන් නිර්මාණය වූ විට දේශපාලකයාට යැපෙන්නට මාර්ගයක් නැත.තවමත් නැති බැරිකමට ආධාර හරියට ලබා ගන්නට ඕනෑම පක්ෂයක් තෝරා ගැනීමේදී මුල් තැන දී කටයුතු කරන ඡන්ද දායකයන් ප්‍රමාණය වැඩිය.පක්ෂ ද ආධාර දීම අඩු කරන බව නොකියා ඒවා විධිමත් කරන බව මිස මිනිසුන්ට ජීවිත්වීම සඳහා ආදායම් මාර්ග වෙනුවෙන් වෙහෙසෙන්නට පාර පෙන්වන බව කිසිවිට කියන්න උදව් කරන්නේ නැත.

ඉතාම ජනප්‍රිය පන්නයේ තීරණවලට පැමිණ මිනිසුන්ට විනෝදවීමට ඇති අයිතිය අහෝසි කිරීම දේශපාලනයේ තවත් මුහුණුවරකි.මේ මොහොතෙත් මත්පැන් සහ දුම්වැටි මිල වැඩි කිරීම ඒ මාර්ගයේ දේශපාලන ස්ථාවරය සළකුණු කිරීමකි.එයට සතුටු වන ආගමික කණ්ඩායම් ද අඩු නැත.සමහර විට ඒ පිරිස් සඳහා ඒ දේවල් සදහා ද වියදමක් නොයන අතර පූජාවන්ට ලැබෙන මුදල් මිස උපයා ගැනීමේ අවශ්‍යයතාව ඒ අයට අඩුය.නමුත් තමන්ට එසේ සියල්ල නොමිලේ දෙන මිනිසුන්ට විනෝදය පිණිස ලැබෙන අවස්ථාවට පහර වදින බව ඔවුන් නැති බැරිකම් දරාගෙන වායුසමීකරණය කර දෙන කාමරයේ සැතපෙන උන්නාන්සේලාට දැනෙන්නේ නැත.එසේම ගෙදරට විශාල බදු බරක් වැඩිවන බව කාන්තාවන්ට නොතේරෙන ලෙස ඔවුන් විශාල පිරිසකගේ සිතීම නිද්‍රාවට පත් කිරිමද මේ ආගමික කණ්ඩායම් විසින් රජයේ බදු මංකොල්ලය අනුමත කරන්නට පාර සකසා දෙමින් ඇත.
අත පා ජීවත්වීමට සහ විනෝදයෙන් බැහැර වී ජීවත්වීම සඳහා කාලකණ්නි පෙළඹීමක් ඇති කරන දේශපාලනයෙන් වඩාත් පළල් කණ්ඩායම තමන්ගේ බලය දී තෝරා පත් කර ගන්නා මට්ටමේ ඡන්ද දායකයින් මේ රටේ වැඩිය.ඒ කාලකණ්නි තත්ත්වය ඇතුළේ ඒවා විසදා ගැනීම තමන් වෙහෙස විය යුතු බව සිතීම වෙනුවට ඒවා දෙවියන්,යක්ෂයින්,ප්‍රේතයින්ගේ බලපෑම මත වැළකී ඇති බව කියා ලබා ගැනීමට සිතා ඔවුන්ගේ නියෝජිතියින් සේ පෙනී සිටින පූජකයින්,සන්නාසින් වැනි පුද්ගල චරිත පසුපස යාම සාමාන්‍ය සම්ප්‍රදාය වී ඇත.අත පා ජීවත්වීමට ඇති ඉල්ලුම යනුම ආත්ම විශ්වාසය සහ අභිමානය විනාශ කිරීමක් වන අතර ඉන් අනතුරුව ඔවුන් සියලු ප්‍රශ්න තමන්ට විසදා ගැනීමට නොහැකි අන් අයගේ උපකාරයෙන් විසදා ගැනීමට හැකි බව සිතන පිරිසක් බවට පහසුවෙන්ම පත් වේ.බොහෝ විට විවිධ ආගමික නිකායන්,පූජකයින්,සන්නාසියන්,ගුරුකම්,අන වින කොඩිවින කාරියින් ප්‍රයෝජන ගන්නේ මේ මානසිකත්වයෙන්ය.

මේ වෙලාවේ අයිඑම්එෆ් ද වෙන වැඩ ආධාරයක් ද යන්න වැදගත් නැත.ඒවා හරියට කළමණාකරනය කර රට ඉදිරියට ගෙන යාමටනම් මිනිස්සු මිත්‍යාවෙන් ඈත් කිරිම සඳහා රජය මිත්‍යාව සමඟ සිටගැනීම නැති කරන්නට බැරිනම් ආරම්භයක් හැටියට අවම හෝ කළ යුතුය.මිනිසුන් ආධාර යටතේ ජීවත්වීම අවම කිරිමට වැඩ පිළිවෙලක් සැකසිය යුතු අතර අෘදාර යනු සදාකාලික යැපීම් මාර්ගයක් නොවන සේ ආධාර ලබන්නන් ස්වාධීනව ජීවත්වීමට හැකි සේ ශක්තිමත් කරන සැළසුමක් ඇති විය යුතුය.නැත්නම් දේශපාලන වශයෙන් දේශපාලකයාට ඇස්වැසීමක් ලැබෙන පොදු ජනතාවට හෙනයක් වන වැඩ පිළිවෙලක් බවට අනාගතයේදී අස්වැසුම පත්වීම නැවත්විය නොහැකිය.

එසේම අලුත් උපාය මාර්ග විදේශ විනිමය ඉපැයීම කෙරෙහි ඇති කරගත යුතුය.අධ්‍යාපනය එහිදි හොඳ ආයෝජනයක් කළ හැකිය.අප බංගලාදේශයෙන් ණය ගැනීම ගැන ලැජ්ජා වුව ද,එහි ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යා ගණන ගැන කතා කරන්නේ නැත.ඒවාට අවුරුදු 17 දී දරුවන්ට ඇතුළත් වන ලෙස සැකසි අධ්‍යාපන ක්‍රමයක්ද බංගලාදේශයේ ඇත.
එසේම විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට උපාධියෙන් පසුව රජයෙන් රැකියාම දී ඔවුන්ව නඩත්තු කළ යුතු බව සිතීමත් රටට ගැලපෙන ක්‍රමයක් නොවේය.විෂය පද්ධතිය වෙනස්වීම මෙන්ම ඔවුන් ව්‍යවසායකයින් සහ වෙනත් රැකියා මඟින් උපයන්නන් කරන වැඩ සැළසුමක් රට සිතිය යුතුව ඇතුවාක් මෙන්ම සියලු දේශපාලන පක්ෂ ආකල්ප සහ පුරවැසියන්ගේ චින්තනයද ඒ අකාරයට සැකසිය යුතුය.

ලංකාවේ යැපුම් මානසිකත්වය රජයේ රැකියා සඳහා උද්ඝෝෂණ සහ පෙළ ගැසීම්වලට ද එක්තරා අන්දමක හේතුවක් වන අතර උසස් අධ්‍යාපනය දක්වා නිදහස් අධ්‍යාපනයෙන් උගත් පිරිස් අනතුරුව වසර ගණන් පාරට වේලෙමින් රජයේ රැකියා වෙනුවෙන් අරගල කිරීම වෙනුවට දැනුමෙන් වෙනත් වෘත්තීයකට යොමු වීම වැදගත්ය.රජය නම්‍යශිලී විය යුත්තේ ඔවුන්ට එවැනි ව්‍යාපාරයක්,ආයතනයක්,නිෂ්පාදනයක් ඇති කිරීම සඳහා බැංකු න්‍ය පහසුකම් ආදිය සෑහෙන කාලයකට බලපාන පරිදි පොළියෙන් තොරව ලබා දීමෙන්ය.
එසේ නොවන තාක් මේ රට අයිඑම්එෆ් තවත් වසර 1000 ක් කාලයක් සඳහා ණය ආධාර ලබා දුන්නද කෙළින් වෙන්නේ නැත.ඇත්ත එය ය.නිදහස් නිවහල් මිනිසෙක් සඳහා යැපුම් මානසිකතවයෙන් තොර චින්තනයක් ස්ථාපිත කිරීම වැදගත්ය.දේශපාලන පක්ෂ ද,රටේ මිනිස්සු ද වෙනස් විය යුතුය.හැකියාවට අනුව ගෙවීමක් ලැබෙන,ඇගයීමක් ලැබෙන ක්‍රමයක් ඇතිවන තුරු මේ රට හැමදාම ණයව පවතිනු ඇත.සුළුතරයකගේ ධනය ගැන ඉරිසියාවෙන් පෙළෙන බහුතර ජනතාවක් රටේ පවතිනු ඇත.

නොමිලේ යන වචනය භාවිතාවන ඉඩ අඩු කළ යුතුය.එය බොරුවක්ය.දැනට ද නිදහස් අධ්‍යාපනය,නිදහස් සෞඛ්‍ය යනු වචන පමණක් ඉතුරුවන තරමට සේදී ඇත.අධ්‍යාපනය වෙනුවෙන් ගෙවන්නට පෞද්ගලිකව පුරවැසියෙක්ට ගෙවන්න වන මිල රජය දරන මිලට වඩා වැඩිය.අද සෞඛ්‍ය සේවයේ තත්ත්වයද එයමය.පරීක්ෂණවල සිට ඖෂධ දක්වා බොහෝ දේ වලට රෝගියාට ගෙවන්නට සිදු වි ඇත.ඒ ආකාරයෙන් බලන විට සැතකමක උපකරණ ආදියාට රජය මූලිකව කර ඇති ආයෝජනය හැරෙන්නට අදාළ මොහොතේ ඖෂධ,පරීක්ෂණ ආදිය සියල්ල සිඳුවන්නේ රෝගියාගේ පෞද්ගලික මුදලින්ය.ඇත්ත ඒ තරමට තිත්තය.ඒ නිසා මේ තත්ත්වය තෝරා ගෙන අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය අවශ්‍යයම පුද්ගලයාට නොමිලේ ප්‍රතිකාර කරන තැනක් බවට පත් කළ යුතුය.ඇත්තටම රජයක වගකීම විය යුත්තේ සේවාවන් නොමිලේ ලබා ගන්නා බහුතරයක් සිටින රටක් බවට රට පත් කිරීම ද,ඒවා ගෙවා ලබා ගත හැකි තත්ත්වයට රටේ බහුතරයක් පත් කිරීම ද යන්න මේ මොහොතේ හෝ තනි තනිව කල්පනා කර තමන්ගේ දේශපාලන ස්ථාවරයන් ඒ මට්ටමට සංශෝධනය කර ගැනීම වැදගත් වනු ඇත.
නැත්නම් අපි ලෝකයට හැමදාම ණයකාරයෝ වන්නා සේම,මේ රටේ දේශපාලකයන්, සාමාන්‍ය ජනතාව ඔවුන්ට ණයගැතිව තබා ගැනීමේ සංස්කෘතියද සදාකාලිකව පවතිනු ඇත.

පාලිත දේශපාලනඥයා පමණක් නොව මේ පොළවේ දේශපාලනය කරන සියල්ලම නෙල්සන් මැන්ඩෙලාගේ මේ ස්වර්ණමය වැකිය ආදර්ශය කර ගත යුතුය.
“EDUCATION IS THE MOST POWERFUL WEAPON,WHICH YOU CAN USE TO CHANGE THE WORLD “
එවිට ඔවුන් රටටත් ජනතාවටත් ආදරේ බව සිතිය හැකිය.එකග විය හැකි සහ එකග විය නොහැකි දේ තමන්ගේ බලය වෙනුවෙන් නොව රට සහ ජනකාව වෙනුවෙන් තීරණය කරන දේශපාලනයක් රටට අවශ්‍යය කර ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan