ණය ප්‍රතිව්‍යුහගත නොවුණොත් යළිත් පෝලිම්!

කොළඹ LNW:ණය ප්‍රතිව්‍යුහගතකිරීම නිසි ලෙස සිදුකළ නොහැකි වුවහොත් යළිත් 2022 වසරේ තිබූ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් රටේ ඇතිවීමට වැඩි කලක් නොයනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩ පිළිවෙලට ඉන්දියාව, ජපානය, අමෙරිකාව වැනි ජාත්‍යන්තරය සහයෝගය දක්වා ඇති නමුත් කණගාටුවට කරුණ වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය ඊට සහය නොදැක්වීම බව යැයි රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

”එයාලට ඒ වැඩපිළිවෙල පරාජය කරන්න බැහැ. නමුත් එහෙම උනොත් නැවත වතාවක් දුක්විදින්න වෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට නෙවෙයි මේ රටේ ජනතාවට. 2001 රනිල් වික්‍රමසිංහ මහතාට භාර දුන්නේ ඝෘණ ආර්ථිකයක් ඇති රටක්. මාස තුනකින් එය ධන ආර්ථික රටක් බවට පත් කරන්න රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබුණා. ඒ වෙලාවේ මොනවා වුණත් චන්ද්‍රිකා බාධා කළා. 2015 මහින්ද රාජපක්ෂ මහතා භාර දුන්නේ ආර්ථිකය කඩාකප්පල් වුණ රටක්. ඒ ආර්ථිකය යහපත් අතට ගන්න කටයුතු කරන විට මෛත්‍රිි ලොක්ක දින පනස් දෙකේ ආණ්ඩුවක් ගෙනල්ල සෙල්ලමක් දැම්මා.

2022 ගෝඨාභය රාජපක්ෂ මහතා භාර දුන්නේ බංකොලොත් රටක්. ඒ තත්ත්වය ටිකෙන් ටික හොද තත්ත්වයට ගෙන එන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකියාව ලැබිලා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු හැත්තෑ එකක් තිස්සේ කළේ කඩාකප්පල් වැඩ. දැන් එයාලම කියනවා අවුරුදු හැත්තෑ එකක් තිස්සේ රට විනාශ කරලා කියලා. දැන්නම් පොහොට්ටු, ටෙලිෆෝන්, මාලිමාව කියලා කුට්ටි බෙදිලා ඉන්නවා. නමුත් ඔය එක කුට්ටියකටවත් බැරි උනානේ රට භාර ගන්න.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...