කවද්ද මේ වැඩවර්ජනවලින් දේශපාලකයෝ පීඩා වින්දේ? වර්ජකයන්ට ඕනෙත් දේශපාලන වරප්‍රසාද – වෛද්‍ය බෙල්ලන (VIDEO)

Date:

සෞඛ්‍ය සේවකයින් සිදුකරන වැඩවර්ජනවලින් කිසිදු රජයක් බිඳ වැටී නැති අතර කිසිදු දේශපාලකයෙක් ද බෙහෙත් නොලැබ පීඩා විඳ නැති අතර සම්පූර්ණයෙන්ම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය රෝගී ජනතාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.

ඒ, අද (07) සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය විසින් කැඳවා තිබෙන වැඩවර්ජනය ගැන අදහස් දක්වමිනි.

සෞඛ්‍ය සේවය වෙනුවෙන් බදු ගෙවන ජනතාවට මෙපමණ හිරිහැර කිරීම සම්පූර්ණයෙන්ම හෙළාදකින බවයි බෙල්ලන මහතා කියාසිටියේ.

”අද සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මේක විලාසිතාවක් බවට පත්වෙලා. අපි දැක්කා එක්තරා කාලවකවානුවකදී සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයෝ හිතන් ඉන්නවා පාර්ලිමේන්තු යන්න. නැත්නම් දේශපාලන පත්වීම් ලබාගන්න. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා යම්කිසි දේශපාලන ප්‍රවාහයකට,පක්ෂයකට මුක්කු ගහලා ඒ පක්ෂයේ සහ ඒ අනුගාමිකයන් පිනවල,වෘත්තීය සමිති නායකත්වය තුළින් රටත් අස්ථාවර කරලා,තමන් එකතු වූ දේශපාලන ප්‍රවාහය තුළින් කවදාහරි තාන්න මාන්න ලබාගන්න පුළුවන් වෙයි කියල හිතනවා.”

ඒ අනුව පක්ෂ විපක්ෂ දේශපාලකයින් සියලු දෙනා මේ සම්බන්ධයෙන් නිවැරදිව සිතිය යුතු අතර දේශපාලකයන් සිටිය යුත්තේ වෘත්තීය සමිති සමඟද නැත්නම් මහජනතාව සමඟ ද යන්න තීරණය කළ යුතුව ඇති බවයි බෙල්ලන මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාල්ලේ අවසානය කෙසේ වෙයි ද?

නිශ්මං රණසිංහ ජූලි 29 කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම : හිටපු නාවික හමුදාපති රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන්...

යෞවන සමාජ පද්ධතියම දේශපාලනීකරණය කර JVP අතකොලුවක් බවට පත්කරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයත් යෞවන කටයුතු අමාත්‍යවරයා සහ...