ජනසභා ක්‍රමය පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන වල ප්‍රසාදය!

Date:

ජනසභා ක්‍රමය පිළිබඳව දිවයින පුරා ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරීමේ රැස්වීමක් ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ දී පසුගියදා පැවැත්විණි.

මෙම දැනුවත් කිරීම රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සහ ජාතික ජනසභා ලේකම් කාර්‍යාලය එක්ව සංවිධානය කල අතර දිවයින පුරා ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන 100කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී විය.

මෙහිදී ජාතික ජනසභා ලේකම් කාර්‍යාලය විසින් යෝජනා කර ඇති ජනසභා ක්‍රමය පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රසාදය පලවූ අතර ජනසභා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යවන සහයෝගයන් ලබා දීමට ද එම සංවිධාන වල එකඟතාවය පලවිය.

මෙම දැනුවත් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජීව විමලගුණරත්න මහතා, ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරන මහතා,  ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් පාලිත ලිහිණියකුමාර මහතා ඇතුළු  ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහභාගී විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...