ගම්මන්පිල ඉල්ලා අස්වෙයිද ? ‍හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සඳහා අවසර ඉල්ලයි !

Date:

හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට අවස්ථාව ලබා දෙන්නැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා. අමාත්‍යවරයා ලිපියක් මාර්ගයෙන් මෙම අවසරය ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.

අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ගම්මන්පිල අමාත්‍යවරයාට දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. ඒ අමාත්‍යවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙනි.

ගම්මන්පිල ඇමතිවරයා පසුගිය සතියේදී ප්‍රකාශ කර තිබුණේ ඩොලර් අර්බුදයට හේතුව කොරෝනා වසංගත තත්වය නොවන බවයි. දිගින් දිගටම විදේශ ණය ලබා ගැනීමට ඩොලර් අර්බුදයට ප්‍රධාන හේතුව බවත්, වසංගත තත්වය පහව යාමෙන් පසුවත් ඩොලර් අර්බුදයට මුහුණදීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබිණි. මේ නිසා මුහුණ දී සිටින සැබෑ ප්‍රශ්නය සහ ඊට බලපෑ සැබෑ හේතු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළයුතු බවද ඔහු පවසා තිබිණි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අද ඇමතිවරයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති අතර ඇමතිවරයාද ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා. ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද ගම්මන්පිල ඇමතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ඩොලර් අර්බුදය සැබෑ තත්වය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දක්වා ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම තත්වය මත ගම්මන්පිල ඇමතිවරයා රැස්වීම අවසානයේ නැගිට ගොස් තිබෙන්නේ දැඩි කළකිරීමෙනි. පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට අවස්ථාව ඉල්ලා තිබෙන්නේ ඉන් අනතුරුවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...