සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ජුලි 21 වැනිදා ආරම්භ වන ඉන්දීය සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම සංචාරය සඳහා , ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් ද මෙම සංචාරයට එක් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??