පැලැස්තර විසඳුම් දෙනවා වෙනුවට, රෝගීන්ට වෙන අසාධාරණය කියන්න තැනක් හදන්නවත් තවම උනන්දුවක් නෑ

පොලිසිය මතක තියා ගන්න ඕනේ තමනුත් ලෙඩ වෙලා ආවම වෙන්නේ ඔය ටිකම තමයි කියලා

රෝගීන්ට සැකයක් එන හැම වෙලාවෙම පැමිණිලි කරන්න, ඒවා විභාග කරන එක පොලිසියේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ වෛද්‍ය සභාවේ වගකීමක්

උපකරණ මිලදී ගන්න කලබල වෙන අය, ඒවා වැඩ නොකර රෝගීන් පෝලිම්වල දුක් විඳිනකොට කලබල වෙන්නේ නෑ

සෞඛ්‍ය අමාත්‍යාංශය මිලදී අරගෙන තියන මිලියන ගණනක් වටින අධි තාක්ෂණික උපකරණ වලින් 20% -30 % අතර ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගන්නේ නැතුව තමයි අපි රෝගීන්ව අවුරුදු ගණන් පෝලිම් වල තියලා තියෙන්නේ. උපකරණ මිල දී ගැනීම අවශ්‍යතාවයට අනූව නෙවෙයි වෙන්නේ, බිස්නස් සහ කොමිස් උවමණාවට අනූව තමයි සියළු ප්‍රසම්පාදන කටයුතු වෙන්නේ.

බොහෝ වෙලාවට මේ උපකරණ පාවිච්චි කරන වෘත්තිකයෝ දන්නේවත් නැතුව, වෙන අයගේ ගනුදෙනු පියවා ගන්න අධි තාක්ෂණික උපකරණ හිටි හැටියේ රෝහල් වලට ගොඩ බානවා. උපකරණ මිලදී ගන්න කලබල වෙන අය, ඒවා වැඩ නොකර රෝගීන් පෝලිම්වල දුක් විඳිනකොට කලබල වෙන්නේ නෑ.

රවී කුමුදේශ්
චානක ධර්මවික්‍රම
තුෂාර රණදේව
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...