වියදම් අඩු කරන්න කයිවාරු ගැහුවාට ගම්මන්පිල නිල නිවස නවීකරණයට ලක්ෂ 250ක් වැය කරලා – ආනන්ද (VIDEO)

Date:

වියදම් අඩුකිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් රටට ආදර්ශයක් දියයුතු යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවත් ඒ මහතාට කොළඹ නිවසක් තිබියදීත් ඒ මහතා රුපියල් ලක්ෂ 250කට වැඩි මුදලක් සිය නිල නිවස නවීකරණය කිරීම සඳහා වැයකර ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු, ආනන්ද පාලිත මහතා පවසයි.

“ඊයෙ මේ බලශක්ති ඇමති කියනවා නායකයො ආදර්ශමත් වෙන්න ඕනෙ කියලා. බොහොම හොඳ කතාවක්. හැබැයි අර කතාවක් තියෙනවානෙ ‘ඔවා දෙනු පරහට – තමා සම්මතෙහි සිට’ කියලා. ඇයි අපි ඒක කියන්නෙ ? බලශක්ති ඇමතිට නිල නිවසක් ගත යුතුම නෑ. නිල නිවෙස් දෙන්නෙ කොළඹින් බැහැර අයට. ජනාධිපතිතුමා කොළඹ පුද්ගලික ගෙදර ඉන්නවා. හැබැයි අපි දන්න විදියට බත්තරමුල්ලෙ හිටපු බලශක්ති ඇමති දැන් ඉන්නෙ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ නිල නිවසෙ. බංකොලොත් කියන තෙල් සංස්ථාවෙන්, ආණ්ඩුව බංකොලොත් තැනට අඩි දෙකක් මෙහායින් වැටිලා තියෙන මොහොතක ලක්ෂ 250කට වැඩිය වියදම් කරලා. මල් පෝච්චිත් ලක්ෂ ගාණක රටේ සල්ලිවලින් ගෙනල්ලා ඒ නිල නිවසේ ඉඳගෙන කියනවා V8 වලින් යන ගමන් ඒසී කාමරවල ඉන්න ගමන්, සත පහක බිල් නොගෙවා වතු වලටත් ලයිට් දාගෙන එතුමා කියනවා ආදර්ශය දෙන්න ඕනෙ ලු නායකයො. සත්‍යය රටට කියන්න ඕනෙ ලු. රටට බොරු කිව්වෙ කවුද ? නියමිත ක්‍රමවේදයක් නැතුව මේ බොරු හෙළිවුණේ කවද්ද ? බලශක්ති ඇමති ආපු දා ඉඳන් කිව්වෙ බොරු. ටොන් පච ගහලා රට අද අඳුරේ, රටේ ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. ඒක හින්දා අපි ආණ්ඩුවට කියනවා ඇමතිවරු – ඇමතිවරුන්ගෙ නාඩගම් පෙන්නලා රට අමාරුවෙ දාලා, තවත් රට අගාධයට දාන්න එපා”

ආනන්ද පාලිත මහතා මේ බව පැවසුවේ ඊයේ (07) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 147ක විශ්වාසය සමග හේලීස් මොබිලිටි වෙතින් OMODA, JAECOO සහ SRM හයිබ්‍රිඩ් සහ විදුලි වාහන

ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රය නව මාවතක් වෙත යොමු...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි – අද (09) කාලගුණ වාර්තාව !

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

විපක්ෂය සුළි කුණාටුව ගැන දැන දැනත් අපට අනතුරු හඟවලා නෑ. මේක සඟවාගෙන හිටියාට විපක්ෂයට නඩු දාන්න ඕනෑ – ඇමති මහින්ද

සටහන - රුවන් නෙළුගොල්ල සුළි කුණාටුවක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ආපදා සහන ක්‍රියාවලියට ආණ්ඩුවේ දේශපාලනඥයින්ගෙන් බලපෑම් – ග්‍රාම නිලධාරීන්ගෙන් චෝදනා !

ආපදා සහන කටයුතු පවත්වාගෙන යාමේදී වත්මන් රජයේ ඇතැම් දේශපාලනඥයින්ගෙන්...