වහාම ඉල්ලා අස්වෙන්න – පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිට නියෝග

Date:

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබෙනවා. පොල් කිතුල් රා වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කර්මාන්ත නිෂ්පාදන හා අපනයන විවිධාංග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන මහතා විසින් මෙම දැනුම්දීම සිදුකර තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ නියෝගයක් මතයි.

රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා පසුගිය 05 වැනිදා මෙම දැනුම්දීම සිදුකර ඇති අතර සභාපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත එවනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බව ලේකම්වරයා පවසනවා.

රාගම වෛද්‍ය පීඨ සිසුන් පිරිසකට පහරදීමේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් ඒ සඳහා පොල් සංවර්ධන අධිකාරියට අයත් වාහනයක් භාවිතා කර තිබිණි. මේ නිසා අදාල සිදුවීමේ වගකීම පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාද දැරිය යුතු බැවින් ඔහු ඉල්ලා අස්විය යුතු බවට ජනාධිපති ලේකම් කාර්යාලය නියෝග කර තිබෙනවා.

මෙම වාහනය භාවිතා කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශය මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බවද ලේකම්වරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ජන්දය ගැන තීරණයක් ගන්න විශේෂ තේරීම් කාරක සභාවක්!

කොළඹ LNW: පළාත් සභා ක්‍රමය හා එම මැතිවරණය පැවැත්වීම...

ඔයගොල්ලෝ එකතු වෙලා රෝහිණි මන්ත්‍රීතුමිය විනාශ කළා!

කොළඹ LNW:වතුකම්කරුවන්ට වැටුප් වැඩිකිරීමේ කාරණයට විරුද්ධත්වයක් නොමැති අතර ඊට...

අපි මේ සියල්ල කරන්නෙ ජනතාව වෙනුවෙන් – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කිසිවකු රජ...

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ශ්‍රී ලංකා විභාග...