කුසල් මෙන්ඩිස්ට කොවිඩ්

Date:

20/20 තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා 20/20 කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ වනවිට ඔහු සිඩ්නි නගරයේ හුදෙකලාව රඳවා සිටින බවයි වාර්තා වන්නේ.

මෙම සංචාරය සඳහා නම්කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම මීට පෙර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබූ අතර සුවය ලැබූ චාමික කරුණාරත්න අද ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය. මීට අමතරව නුවන් තුෂාර ඊයේ දිනයේදී පිටත්ව ගිය අතර ඔහු සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු රුමේෂ් රත්නායක මහතාද පිටත්ව ගොස් තිබේ.

තරග 05 කින් සමන්විත ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා 20/20 තරගාවලිය එළඹෙන 11 වැනිදා ආරම්භවීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර්...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...