ජනතාව මංමුලා කරමින් විවිධ සාවධ්‍ය හේතු කාරණා ඉදිරිපත් කරමින් වත්මන රජය පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය කල් දමා ඇති බවත් ඔවුන් ඉන් නොනැවතී විවිධ දේශපාලන අතකොලුවන් උපයෝගී කර ගෙන වෙනත් ක්‍රමවේද හරහා විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතනවල නියෝජිතයන් නැවත කැඳවීම උදෙසා අන්ත ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවලියක මේ රජය නිරත වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජයන්ත කැටගොඩ, එදිරිමාන්න යන මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් මේ අනිතික ව්‍යවස්ථා විරෝධි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට මුල පුරා ඇති නමුත් නීතිපතිවරයා විසින් මේ ක්‍රියාදාමය සිදු කිරිම සඳහා පාර්ලිමේන්තුව තුළ 2/3ක බහුතරයක් මෙන්ම ජනමත විචාරණයක් ජයග්‍රහණය කිරීමෙන් පසු මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව අන පනතක් ලෙස සක්‍රිය කළ යුතු බවට පැවසීම ගැන සතුටු වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රජය විසින් මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව දිගින් දිගටම සිදු කිරීමට තව තවත් උපක්‍රම යොදමින් සිටින බවත් එම උත්සාහය ද පරාජය කිරීමට නීතියේ පිහිට පැතිය යුතු බවත් ය.
අධිකරණයේ පිහිට පතා නෛතිකව මෙය පරාජය කරනවා සේම ඉදිරියේ දී මැතිවරණ ක්‍රමයට එල්ල විය හැකි මරු පහරවල් සහ ප්‍රජාතන්ත්‍රීය විරෝධි කටයුතු පරාජය කිරීමට එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (14) පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන සමඟ විශේෂ සාකච්ඡාවක් අද (14) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති විශේෂ සාකච්ඡාවක් අතරතුර ය.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ආරක්ෂා කළ යුතු බවත් එහි වැදගත් අංගයක් වන මැතිවරණ නියමිත කාලයට විනිවිදභාවයෙන් පාරදෘශ්‍යභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් ආණ්ඩුවේත් පක්ෂ විපක්ෂ සියලු දෙනාගේත් වගකීමක් බවත් එම ප්‍රජාතන්ත්‍රවාදී යුතුකම ඉටු කරන ව්‍යාපාරය ආරම්භ කිරීමට සැවොම එක්වන ලෙසත් මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.
එසේ ම මැතිවරණයක් ඉල්ලා සමගි ජන බලවේගය අධිකරණයට ගිය අවස්ථාවේ අධිකරණයේ විනිසුරුවන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටු ඉදිරියට ගෙන ඒමට ආණ්ඩුවේ මන්ත්‍රීවරු උත්සාහ කළ බවත් ඔවුන් උත්තරීතර අධිකරණය සහ එහි අපක්ෂපාතී විනිසුරුවරුන් පවා අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු කරන බවත් විධායකය පවා අධිකරණයට ඇගිලි ගැසීම සිදු කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ කුමන මතවාද පැවැතියත් මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් පක්ෂ විපක්ෂ සියලු දෙනා එකට එක්විය යුතු බව යි.
