රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් යානයට අදාළ පැමිණිල්ල විභාගයට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිවිල් ගුවන් පාලකවරයාගේ රාජකාරියට බාධා කිරීම තුළින් නීතිඥ ආචාරධර්ම උල්ලංඝනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින නීතිඥ අරුණ ද සිල්වා මහතාට එරෙහි පැමිණිල්ල පිළිබඳ දෙසැම්බර් මස 6 වන දා විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) නියම කර ඇත.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් ඉකුත් වසරේ ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් දුන් අතුරු නියෝගයක් වැරැදි ලෙස අර්ථකථනය කිරීම පිළිබඳ නීතිඥ අරුණ ද සිල්වාට චෝදනා එල්ල වී තිබිණි.

එම පැමිණිල්ල අද ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැණින.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...