තිදෙනාම එක රටේය.තිදෙනාටම තිබිය යුතු කකුල් ගණන හයකි.එහෙත් ඔවුන් තිදෙනාටම ඇත්තේ,එකෙකුට එක කකුල බැඟින් කකුල් තුනක්ය.මේ කකුල් තුන ජාත්‍යන්තර කීර්තියක් ඇති කකුල් තුනකි.මේ සමඟ වන ඡායාරූපයේ ඇත්තේ ඔවුන් 2020 පැරා ඔලිම්පික් තරගයේදී ඒ කකුල් තුනෙන් ඉතාලිය රන්,රිදි සහ ලෝකඩ වර්ණයෙන් හැඩ ගැන්වීමට හැකි වූ ප්‍රීතිය සමරන ආකාරයය.මේ නිසාම මොවුන් තිදෙනා හඳුන්වන්නේ ඉතාලියේ චාලිගේ එන්ජ්ල්ස් යන අනවර්ථ නාමයෙන්ය.
එදා T63 මීටර් 100 ඉසව්වේ ප්‍රතිපලයට මෙදා ප්රැරීසියේදී ද වාර්තා විය.පළමු වැන්නා ඇම්බරා සැබටිනීය.දෙවැන්නිය මාර්ටිනා කයිරොනීය.තෙවැන්නිය වූයේ මාර්ටිනා ග්රැසයිනා කොන්ට්රාෆැට්ටෝය.එදි පළමු,දෙවන සහ තෙවන ස්ථාන වාර්තා කළ කාලයන් පිළිවෙලින් තත්පර 14.11,තත්පර 14.46 සහ තත්පර 14.73 ක් විය.අද ඒ ප්‍රතිපලය වෙනස් වූයේ කාලයන් සමඟය.ඒ 13.98,14.සහ 14.67 ලෙසය.
තිදෙනාම මෙහිදී සිය කාලයේ වර්ධනයක් පෙන්වා ඇත.මෙහි 13.98 ලෝක වාර්තාවක් පමණක් නොව එය,එම ඉසව්ව තත්පර 14 ට අඩුවෙන් මීටර් 100 දිව ගිය පළමු ක්‍රීඩිකාව බවට සැබටිනී පත් කරන සහ ඉතිහාස ගත කරන දස්කමක්ය.මේ ඓතිහාසික ධාවනයෙන් ඉතාලිය කප තිබෙනතුරු කතා කරන්නට මාතෘකාවක් බවට පත් කරන්නට සබැටිනීට හැකි විය.
ඔවුන් එක් පයකින් සිටගෙන ජයග්රහණයෙන් පසුව ඉතාලි ධජය ලෙලවමින් එය ප්‍රෙක්ෂකයන් සමඟ සැමරූ අකාරය එහි සිටි දහස් සංඛ්‍යාත ජනතාවගේ ඇස් ආඩම්බරයේ සහ ප්‍රීතියේ කදුළින් පුරවන දසුනක් විය.සබැටිනී පැවසුවේ “අද මගේ පවුලම මෙතන ඉන්නවා, මගේ තාත්තා, මගේ අම්මා, මගේ පෙම්වතා සහ මගේ ඥාති සහෝදරයා. ඔවුන් මා සමඟ මෙහි සිටීම ගැන මම ඉතා සතුටු වෙනවා. ඔවුන් විශාල සහයෝගයක් දක්වනවා. මට දැන් ඕනි ගිහිං ඔවුන් සියල්ලන්ම වැළඳ ගන්න” යනුවෙන්ය.
“මම කාලයක් තිස්සේ හොයපු ඉලක්කයක්” සබැටිනී පවසන්නීය.ඇය කියන්නේ ඒ බව කියන්නට ඇයට වචන නැති බවය.ඒ තරමට සතුටින් උද්දාමයට පත්ව සිටින සබැටිනී සමඟ ජීවිතයේ පංගුකාරියන් වී සිටින මාර්ටිනා යුගලයද මේ ඓතිහාසික වාර්තාවේ උරුමයට පසුපසින් සිට හිමිකම් කියන නොනිල වීරවරියෝය.ඔවුන් එකම රටක එකට දුවන බැවින් ඉදිරියේදී මිටර් 100 T63 කාන්තා ඉසව්වේ තව බොහෝ වාර්තා වෙනස් විය හැකි බව පැහැදිළිය.
පහතින් දැක්වෙන්නේ සබැටිනී ලෝක වාර්තාව පිහිට වූ අවස්ථාවේ ගත් ඡායාරූපයක්ය.

සටහන – නිෂ්මං රණසිංහ
