උපරිම සිල්ලර මිල නොසලකා බෙහෙත් ලබාදෙන ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල් පිළිබඳව විමර්ශන ඇර​ඹෙ​යි

Date:

උපරිම සිල්ලර මිල ඇති සාමාන්‍ය ඖෂධ සඳහා කොළඹ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල් කිහිපයක් අධික මිල ගණන් යටතේ රෝගීන්ට බිල්පත් ලබාදීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට NMRA ලැබුණු මහජන පැමිණිලි මාලාවකින් අනතුරුව ඒ පිළිබදව විමර්ශන ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල් කිහිපයක බහුලව භාවිත වන ඇතැම් ඖෂධ සඳහා එහි උපරිම සිල්ලර මිල මෙන් තුන් ගුණයක් අයකිරීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

2023 ජූනි 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිල 16% කින් අඩු කර ඇති අත්‍යවශ්‍ය සහ බහුලව භාවිතා වන ඖෂධ වර්ග 60 ක ලැයිස්තුවක් කැබිනට් අනුමැතිය සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලදී.

මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සහ රෝහල් බිල්පත් පිටපත් සම්බන්ධයෙන් ඔවුන් සිදුකළ මූලික පරීක්ෂණවලින් මෙම චෝදනා ඔප්පු වී ඇති බවක් පෙනෙන්නට තිබෙන බවත් ළඟදීම එම රෝහල් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරන බවත් ඔහු පැවසීය.

ඇතැම් අවස්ථා වලදී රෝහල්වල නේවාසික රෝගීන්ගෙන් එක් පැරසිටමෝල් පෙත්තක් සඳහා රුපියල් 15ක් බිල් ගත කර ඇති අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 3.75ක් බව එම නිලධාරියා පැවසීය.

“පෞද්ගලික රෝහල් සාමාන්‍යයෙන් ඒවාහී නවතින රෝගීන් සඳහා ඔවුන්ගේ කාමර ගාස්තු, වෛද්‍ය ගාස්තු, අදාළ රෙදි (ලිනන්) සහ ආහාර ගාස්තු සඳහා අවශ්‍ය ප්‍රමාණයන් ඇතුළුව ඔවුන්ගේ පොදු සේවාවන් පවත්වා ගැනීම සඳහා අධික ලෙස බිල්පත් ලබා දීම සාමාන්‍ය දෙයකි. නමුත් ඔවුන් සාමාන්‍යයෙන් භාවිත කරන ඖෂධවල මිල ඉහළ දැමුවහොත්, (විශේෂයෙන්ම ඒවා උපරිම සිල්ලර මිලක් සහිතව ලැයිස්තුගත කර ඇති විට) එය නීති විරෝධී ය, ”නිලධාරියා පැවසීය.

ඉහත කී පෞද්ගලික රෝහල්වල අධික ලෙස අය කරන බහුලව භාවිතා වන ඖෂධ සමහරක් පැරසිටමෝල්, ඇමොක්සිසිලින්, මෙට්ෆෝමින්, ප්‍රතිජීවක සහ ඉන්සියුලින් ලෙස හඳුනාගෙන ඇති බව ඔහු පැවසීය.

පසුගියදා නිකුත් කළ ඖෂධ මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය කඩ කළ ගාල්ලේ පෞද්ගලික රෝහලකට එරෙහිව දකුණු පළාතේ NMRA නිලධාරීන් පරීක්ෂණයක් මේ සතියේ අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෝදනාවල සත්‍යතාවක් නෑ.මෛත්‍රී උත්තර බදියි!

කොළඹ LNW:අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියට අදාළව තමා...

අපිට මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.හැමෝම සහය වෙන්න – නි. ඇමති මහින්ද ජයසිංහ (VIDEO)

කොළඹ LNW:රට වෙනස් කිරීමේ කටයුත්ත ආණ්ඩුවක් ලෙස තනිව කළ...

ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ වාණිජ...