ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ ශ්‍රී ලංකා මීටර් 400 සහය දිවීමේ මිශ්‍ර කණ්ඩායම එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.තරගය කළමණාකරණය කර ගැනීමේ දී යම් යම් අතපසුවීම් දකින්නට ලැබුණු අතර එය ජාත්‍යන්තර වශයෙන් මෙම කණ්ඩායමට තරග වඳින්නට ලැබෙන අඩු අවස්ථාවන් ද හේතුවක් ලෙස දැකිය හැකි බැවින් එය නොසළකා හැරිය යුතු තත්ත්වයක්ය.ජයග්‍රහණය රන් පදක්කමක් තරම් විශිෂ්ඨ වන අතර ඔවුන් මෙතෙක් පැවති මිශ්‍ර සහය දිවීමේ ශ්‍රී ලංකා වාර්තාවද අලුත් කරන්නට සමත් විය.
මේ තරගය අතිශයින් වැදගත් වන්නේ කණ්ඩායම් සංයුතියද සැළකිල්ලට ගත් විටය.කණ්ඩායමේ වයස් පරතරය මෙහිදී සැළකිල්ලට ගත යුතුය.අරුණ දර්ශණ 1999 දී උපන් අයෙකි.තරුෂි කරුණාරත්න 2004 වර්ෂයේ ය.කාලිංග කුමාරගේ 1993 වන අතර නදීශා රාමනායකනම් වූ මේ තරගාවලියේ ශ්‍රී ලංකාව දිනූ එකම රන් පදක්කමේ උරුමක්කාරිය සිටින්නී 1994 දී ය.ජයගත් ඉන්දීය කණ්ඩායමේ සිව් දෙනාම 1997,1998 9හ 1999 වසරවල ඉපැදි අයය.තරගයට සහභාගි වූ ක්‍රීඩකයන් අතර වැඩිමහල්ම ක්‍රිඩක ක්‍රිඩිකා දෙපළ ලංකාවේය.ලාබාලතම නියෝජනය සළකද්දී තායිලන්තය නියෝජනය කළ කණ්ඩායමේ 2007 උපන් අයෙක් වූ අතර ඊ ළඟට සිටින්නේ 2004 උපන් තරුෂි කරුණාරත්නය.
එසේම මේ ශ්‍රී ලංකා වර්තාව විනාඩි 3:15.41 ලෙස මේ සිව්දෙනා පිට පැටවෙන්නට ප්‍රථම හොඳම කාලය වාර්තා වී තිබුණ අවස්ථ දෙකේම එම දස්කම දක්වා තිබුණේ ශ්‍රී ලංකාවේ කණිෂ්ඨ කණ්ඩායම්ය.එම වාර්තා දෙකම පිහිට වූ කණ්ඩායම් සමඟ තරුෂි කරුණාරත්න ඉද තිබේ.අවසාන වරට කණිෂ්ට සහය දිවීමේ කණ්ඩායම අවුරුදු 20 න් පහළ කණිෂ්ට ආසියානු රන් පදක්කම මේ ඉසව්වෙන් දිනා ගත්තේ විනාඩි 3:25.41 කාලයක් වාර්තා කරමින් ඉකුත් ජූනි මස 5 වන දා ය.
මීට පෙර 2021 දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියරෝබි වලදී විනාඩි 3:26.39 දී ඉසව්ව නිමා කරන අවස්තාවේ එම කණ්ඩායමේ සිටි තරුෂිට අමතරව ලක්ෂිමා මෙණ්ඩිස් ද අද ශ්‍රී ලංකා කාන්තා මීටර් 400 සහය දිවීමේ කණ්ඩායමට පිවිස ඇත.
මෙයින් පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට අන් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩා කාලයක් දර ගැනීමේ සහ සිය වේගය නඩත්තු කිරීමේ හැකියාව තිබෙන බවය.ඉතිහාසය ගත්තත් සුසන්තිකා ජයසිංහගේ සිටම ඒ කාරණයේ සත්‍යයක් ඇත්තේය.එසේම වැදගත් කාරණය වන්නේ දැන් දෙවන පෙළක් මතු වෙමින් තිබීමය.මෙම කණ්ඩායම් දෙක එකට මුසු කර රඳවා ගැනීමෙන් නිතර තරගකාරී අත්දැකීම් ලබා දීමෙන් යම් ප්‍රගතියක් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට අත් කර ගැනීමට හැකි බව මේ ජයග්‍රහණය හරහා කියවා ගැනීම වැදගත්ය.නදීශා,කාලිංග සහිත මෙම කණ්ඩායමට වැඩි තරග අත්දැකීම් ලබා දෙන අතරේම දේශිය වශයෙන් මෙම ඉසව්වට තරග අවස්ථා වැඩි කිරීම වැදගත්ය.එසේම තරුෂි,අරුණ දෙදෙනා ගත්තට යම් පරතරයක් ඇති එකට මුසු කර පවත්වා ගත යුතු ආසන්න පරම්පරා දෙකක්ය.මේ පරම්පරාවන් එකට පවත්වාගෙන යන්නේ කෙසේද යන්න දැන් අප ඉදිරියේ ඇති පරිපාලනය විසින් සැළසුම් සකස් කළ යුතු සුරක්ෂිත කිරීමේ නව මානයන් හදුනාගත යුතු තත්ත්වයකය.
කණ්ඩායමක්,ආයකනයක්,කොටසක් ලෙස නොව මේ අවස්ථාවේ රටක් සේ සිතිය හැකිනම් තව අවුරුදු කිහිපයකින් සුගත්ලා,රොහාන්ලා,ප්‍රසන්නලා,රංගලා,සුමේධ ලා මයුරලා,රත්නකුමාරලා හදපු මීටර් 400 ආසියානු සහය දිවීමේ කීර්තියට සුනිල් ගුණවර්ධන,කෝසල සහබන්දු,ප්‍රේමචන්දු සහ විමලදාස දුන් යශ්ඨිය ඊටත් වඩා පළල් තැනකට රැනෙ යා හැකි අලුත් පරම්පරාවක් සිටින බව මේ ජයග්‍රහණ හරහා කියවා ගත යුතුය.
අවාසනාවකට ක්‍රීඩාවේ ඇරියස් කවර කරන උපදේශකයන් බහුතරයක් සමඟ පයින් අදින ඇමති වරයෙක්ට වාසනාවකට මෑත කාලයේ ක්‍රීඩා පරිපාලනයේ පොළවේ හැප්පුණ මිනිහෙක් සංවර්ධන දෙපාර්තමේන්තු මු් පුටුවේ ඉඳ ගත්තේය.කපන්නට කොටන්නට හැකියාවන් මොට කරන්නට අතිශයින් රහස් සේ මාධ්‍යයෙන් සඟවන්නට කටයුතු කරන විජේරත්නලා වැනි,පිට පළාක් හී පුහුණුව කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බත්වේලේ ගාණවත් නොදෙන න්‍යාය ආචාර්යවරුන්ට ඉහළින් ෂෙමාල් ප්‍රනාන්දු වැන්නෙක් සිටීම යාන්තමට හෝ කොළ එළියක්ය.
විවේචනය වනු වෛරය කොට සිතා බටර් ගෑම සහ සුදු ළුණූ පොඩි කිරීම ආශිර්වාදයක් කර සිතන වන්දිබට්ටකම් සහ ප්රශස්තිම අසන්නට ප්‍රිය අදේශපාලනික අමාත්‍යවරයෙක්ට යම් දේශපාලනික මානයකින් වැරදි පෙන්වා දීම නිවැරදි වන්නට මාර්ගය්ක් යැයි කියා දිය හැකි පුද්ගලයෙක් වන ෂෙමාල් අැත්තටම ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ පුටුවටම පත් කර අමාත්‍යවරයා මෙහෙයවිය හැකි තත්ත්වයට ආවොත් ලංකාවේ ක්‍රීඩාවට හෙන ගැසුවද,.මන්ට ක්‍රීඩාවෙන් අත් නොවූ අවස්ථාවන් වෙනුවෙන් ඒ ක්‍රීඩාවන්ගේ ස්වාධිනත්වයට අකුල් හෙළා සතුටු වෙන කණ්ඩායමෙන් මිදී අමාත්‍යවරයාට වැඩ කරන්න ඉඩක් තවමත් ඇත.මිනිස්සු නිවැරදි වීම තුළ මිස අභිමානය රැඳෙන්නේ වැරදි තුළ හෝ බලය පෙන්වා රැදී සිටීමෙන් නොවන බව කියා දිය හැකි පාලනයේ අත්දැකීම් ඇත්තෙක් සිටීම වැදගත්ය.
එහෙත් ඒවා සුදුසුකම්ම පමණක් වී දේශපාලකයාගේ බල කටුව තුළට රිංගා හැසිරෙන ෂෙමාල් කෙනෙක් වුවහොත් ඔහු ඉතිහාසයක් කැප කර ලබා ගත් කීර්තිය ඉහිරි කිරක් වනු ඇත.ඒ නිසා මලල ක්‍රීඩා පරිපාලනයේ සිටි අයෙක් හැටියට,මේ කණ්ඩායම සහ අනාගත මීටර් 400 සූරයන් දෙස ජාතික වගකීමකින් බලන්නට මලල ක්‍රීඩා සංගමය මෙන්ම අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුවද පිල්ලිවලින් බේරී මෙහෙයවන්නට ලැබුණොත් ස්දද බද්ද නැතුව තව අවුරුදු කිහිපයකින් ක්‍රීඩාගාරයක පසු පෙළකට වී අමන්දානන්නදයට පත් විය හැකි හදවතක් සහිතව ලංකාවේ කොල්ලන් සහ කෙල්ලන් මීටර් 400 න් රටට දෙන ජයග්‍රහණ නැරඹිමට අවස්ථාව ලැබෙනවා සැක නැත.අපි බලා සිටිමු.මේ රිදී පදක්කම රන් පදක්කමකට වඩා වටින්නේ එයින් විහිදෙන අනාගත රශ්මි කදම්භය හරියට දකින්නට හැකිනම් ය.
සටහන – නිශ්මං රණසිංහ