*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

සමහර මාධ්‍ය වලිගය පාගා ගත් සෙෆ්ට්‍රිඇක්සෝන් (Ceftriaxone) ඖෂධ හබය?

සියල්ලටම ප්‍රථමයෙන් මේ කතාබහට ලක්වුණු  පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේදී මියගිය චමෝදි සංකල්පනී තරුණියට ලබාදුන් සෙෆ්ට්‍රිඇක්සෝන් ඖෂධය කුමක්ද? කියා බලමු.
එය ඉතා ප්‍රබල ඉතා ප්‍රයෝජනවත් බැක්ටීරියා නාශක ඖෂධයකි. සෙෆලොස්පොරින් නම් ප්‍රතිජීවක කාණ්ඩයේ තුන්වන පරම්පරාවේ පෙනිසිලින් ගණයට අයත් නොවන ඖෂධයකි. වෛද්‍යවරුන් විසින් වසර ගණනාවක සිට මේ ඖෂධය භාවිතයෙන් ආසාදන වලින් මරණාසන්න වුනු රෝගීන් විශාල සංඛ්‍යාවක් දිවි ගලවා ගෙන ඇත.
කොතරම් වාසි සහගත වුණත් අනිකුත් ඖෂධ මෙන් මෙහි අවාසි ද නැතුවා නොවේ. වමනය පාචනය වැනි සුලු අතුරු අබාධ මෙන්ම වෙනත් ඖෂධ සහ ආහාර සමග අන්තර් ක්‍රියා ඇතිකරන මෙම ඖෂධය ප්‍රතිකාරය සඳහා ප්‍රවේශමින් තෝරා ගත යුතු ය. ඉතා කලාතුරකින් අසාත්මිකතාවක් ඇතිවුවත් ක්ෂණික මරණය පවා සිදු විය හැකි නිසා ඒ සඳහා ද ප්‍රතිකාර සුදානම් ව තිබිය යුතු ය. ගැබිණි කාලයේ මුල සිටම සහ මව් කිරි දෙන කාලය තුළදීත් පාවිච්චිය සඳහා ආරක්ෂිත ය.

මෙය ශිරාගත කිරීමට( IV)හෝ තට්ටමේ මස තුළට(IM) විදිය හැක. ඒ සදහා බෙහෙත් කුප්පියේ ඇති ඖෂධය ලෑස්ති කර ගන්නා ක්‍රම වෙනස් ය. කුප්පියක් තුළ ග්‍රෑම් 1 ක් ඖෂධය ඇති අතර ශිරා ගත ( IV ) කිරීම පියවර දෙකක් අනුව සිදු කළ යුතුය.පලමු පියවර නම් එම කුප්පියට ආසුත ජලය මිලි ලීටර් 10 ක් ඇතුල් කර සොලවා සකසා ලෑස්ති කර ගත යුතුය. දෙවෙනි පියවර සඳහා ක්‍රම කිහිපයකි. දැනට මා සිටින ඔස්ට්‍රේලියාවේ මාර්ග උපදේශන සේවා බැලුවිට ඒවාට අනුව එය නැවත 0.9 %සේලයින් හෝ 5% ග්ලූකෝස් ද්‍රාවනයේ මිලි ලීටර් 50-100 අතර ප්‍රමාණයක දියකර විනාඩි 30 කට වැඩි කාලයක් ගෙන රෝගියාට සෙමින් ලබාදීම වඩාත් ආරක්ෂාකාරී ක්‍රමය ලෙස මෙරට අනුගමනය කරයි. එසේ නැතුව සමහරුන් මුල් සෑදූ ද්‍රාවණයම විනාඩි පහකට වඩා වැඩියෙන් කාලය ගෙන සෙමෙන් රෝගියාට නහර තුළට ලබා දෙයි. සමහරුන් නොදැනුවත් කමින් එක්වරම මිලි ලීටර් 10 එකවර වේගයෙන් රෝගියාට ලබාදීම අනතුරකට අත වනයි.
තට්ටමේ මස තුළට ඖෂධය ලබාදීම සඳහා වේදනා නාශක තරලයක මිලි ලීටර් 3.5 ක් කුප්පිය තුළට ඇතුල් කර සොලවා ලෑස්ති කර එය තට්ටම් ප්‍රදේශයට එකවර ලබා දේ.(IM) ඒ එම බෙහෙත් ගෑවුණු විට ඉතා වේදනාකාරී වන නිසා ය.

ඉහත මරණයට හේතුව වශයෙන් ඇගේ මව පවසා ඇත්තේ ඇයට බෙහෙත දෙවරක් විදිනවා ඇය දුටු බවත් මරණය සිදුවුණේ එම එන්නත් දෙක ලබා දුන්නාට පසු බවත් ය. ඒ කතාව ඇත්ත ය. එයට මම ඉතාමත්ම කණගාටු වෙමි. ඇයට දියණිය අහිමි විය. මල් කැකුළක් අකාලයේ මිලින විය.ඇයට එම එන්නතට ප්‍රබල අසාත්මික ප්‍රතික්‍රියාවක් ඇතිවී ඇති බව පැහැදිලි ය. එම අසාත්මිකතාවලට ක්ෂණික ප්‍රතිකාර වාට්ටුවෙන් ලබා දී ඇති බවට ද සැකයක් නැත. ප්‍රශ්නය එම ප්‍රතිකාර සාර්ථක නොවීමයි. ප්‍රතික්‍රියාවේ දරුණු බව නිසා එසේ වෙයි. පෙනිසිලින් වැනි ඕනෑම ඔෘෂධ වලට ද මෙසේ ඉතා කලාතුරකින් භයානක අසාත්මිකතා ඇතිවෙයි. එසේ වනවා කියා ඖෂධ ගෙන්වීම නැවැත්විය නොහැකිය.
නමුත් සමස්ත ලංකා හෙදි සංගමයේ ලේකම් පැහැදිලි කළේ දෙවරක් ඇයට බෙහෙත ලබා දුන්නේ එම මිලි ලීටර් 10 ශිරාගත කිරීමට එම ප්‍රමාණයේම සිරින්ජර නොතිබූ නිසා මිලි ලීටර් 5 සිරින්ජර දෙකක් යොදා ගත් බව ය.නමුදු එය තරුණියගේ මරණයට හේතු වූ බව ඉන් ප්‍රකාශ වී නැත.මිලි ලීටර් 5 සිරින්ජර දෙකක් යොදා ගැනීම ඇගේ මරණයට හේතුවක් ද නොවේ.

පසුව ප්‍රධාන ජාතික පුවත් පතක් මෙසේ එම ප්‍රකාශය වාර්තා කර තිබුණි. ” තරුණිය මළේ මිලි ලීටර් දහයේ සිරින්ජර නැතුව” බලන්න මෙය කොතරම් වගකීම් විරහිත සාවද්‍ය ප්‍රකාශයක් කියා. මෙවැනි ප්‍රකාශ නිසා වෛද්‍ය වරුන් මෙන්ම රජය ද ඉතා අපහසුතාවයට පත්වනු වැලැක්වීමට බැරිය.

විශේෂඥ වෛද්‍ය ආර්.එන් ජී රාජපක්ෂ (විනිවිද)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan