IOC මිල වැඩිවීමෙන් සිපෙට්කෝ පාඩුව වැඩි වෙයි – මිල ඉහළ දැමීමක් ඉල්ලයි

0
297

ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව ලංකා ඛනිජ තෙල් සංස්ථාවද මිල ඉහළ දැමිය යුතු බව එහි සභාපති ඩබ්.ඩබ්.ඩී. සුමිත් විජේසිංහ මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

ජනවාරි මාසයේදී පෙට්‍රල් ලීටරයකින් රුපියල් 05 ක් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 32.50 ක් බැගින් සංස්ථාව පාඩු ලබන බව පෙන්වා දෙන සභාපතිවරයා පවසන්නේ IOC සමාගම මිල ඉහළ දැමීම හේතුවෙන් තෙල් සංස්ථාවේ පාඩුව ඉහළ ගොස් ඇති බවයි. IOC තෙල් මිල ඉහළ ගොස් තිබෙන හෙයින් එහි පාරිභෝගිකයන්ද තෙල් සංස්ථාවට අයත් ඉන්ධන හල්වලින් තෙල් ලබා ගැනීමට පෙළඹී සිටින බවද ඔහු පවසනවා.

ඒ අනුව බොහෝදුරට ඉදිරි දින කිහිපය තුළ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන්ද ඉහළ යනු ඇත. කෙසේ නමුත් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රජයේ අමාත්‍යවරුන් ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ දැමීමක් පිළිබඳව මේ දක්වා කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බවයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here